ලෝක පරිසර දිනය වෙනුවෙන් යුද්දයෙන් විනාශ වූ උතරේ පරිසරය සුරකින්න පාසල් දරුවන් හා රාජ්‍ය නිලධාරීන් පෙරට..
June 6, 2018 at 2:09 am | lanka C news
ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තේ උතුරේ විනාශ වෙමින් පවතින රක්ෂිත වානාන්තර සුරකීමටත් පරිසරය පිරිසදු තබාගැනීමටත් උතුර පුරා වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබුණි.
මේ අනුව වව්නියාව දිසාපති සෝමරත්න විදාන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී රැක් රෝපණ වැඩසටහනක් සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් හා පාසල් දරු දැරියන්ද සහභාගී වී සිටියහ.
තවද මන්නාරම් දිස්ත්‍රීක්කයේ සිවිල් සංවිධානයක් විසින් මන්නාරම් බස් නැවතුම්පල ඉදිරිපිටදී රැස්වී මහජනතාව දැනුවත් කර සිටියේ පරිසරයට ආදරය කොට සෑම පුරවැසියෙකුම රැක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යතු බවට දැනුවත් කරමින්ය.
එමෙන්ම කිලිනොච්චිය නගරයේ පාසල් කිහිපයක දරුවන් හා ප්‍රදේශවාසින් විසින් කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිටදී පාගමනක යෙදෙමින් ජනතාව දැනුවත් කර සිටියේ නගරය මෙන්ම ගෙවතු පිරිසදුව තබා වනාන්තරය ආරක්ෂා කර ගන්නේ කෙසේදැය යන්න පිළිබඳවය.
මේ අතර මුලතිව් දිස්ත්‍රීක්කයේ පාසල් දරු දැරියන් විසින් මුලතිව් නගර මධ්‍යට පාගමනකින් පැමිණ ජනතාව දැනුවත් කර සිටියේ අවසන් යුද සමයේදී මෙන්ම වර්ථමානයේදී රක්ෂිත වනාන්තර විනාශ වී ඇති හෙයින් වහාම රක්ෂිත වානාන්තර ආරක්ෂා කරවීමට බලධාරීන් පියවර ගත යුතු බවටත් පවසමිනි අනතුරුව එම දැරවන් විසින් නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද සිදු කරනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
අවුලක් නැහැ ඔය දරුවෝ ගස් හිටවන්න, ඊට පස්සේ අපේ බැසිල් මාමා බදියුදීන් මාමට කියල ඔය ගස්ටික කප්පවලා ගෙවල් හදවයි. තව එතකොට ගස් හුගක් ලොකුනම් අපේ බැසිල් මාමා ඇමෙරිකන් කෙසෙල් වවන්න ඒ පැත්ත බදු දෙයි.