ලෝක ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව අනුරූ ප්‍රතිමාවක් අගමැතිට…

October 10, 2021 at 2:08 am | lanka C news
ලෝක ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව අනුරූ ප්‍රතිමාවක් අගමැතිට…

වෙහෙරගලින් හමු වී ඇති ලෝක ප්‍රසිද්ධියට පත් අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාවේ අනුරූ ප්‍රතිමාවක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේ දී පිළිගන්වන ලදි.

වෙහෙරගලින් හමු වී ඇති අවලෝකිතේෂ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාව ක්‍රි.ව.7,8 සියවස්වලට අයත්ය. අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන්ගේ කරුණාව,මෛත්‍රිය වැනි ගුණාංග නිරූපණය කෙරෙන මෙම ප්‍රතිමාවේ ශරීරාංග ද මැනවින් පිළිබිඹුව ඇත.

වම් පාදය පහතට දමා වම් අත බිම තබා ගෙන සිටින මෙහි දකුණු අත විතර්ක මුද්‍රාවෙන් යුක්ත ය. මෙම ප්‍රතිමාවේ දක්නට ලැබෙන විශිෂ්ට  කලාත්මක ලක්ෂණ හේතුවෙන් එය ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇති බව මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පෙන්වා දුන්නේය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිර්මාතෘ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළ බිතුසිතුවම්, වාස්තු, මූර්ති පුරාවිද්‍යා සියවසට සාපේක්ෂව මධ්‍යම සංස්කෘතික අරමුදල මුද්‍රණය කළ ග්‍රන්ථ මාලා 100ට ශිව මූර්ති ග්‍රන්ථය ද  ඇතුළත් විය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාධ්‍ය අධ්‍යක්ෂ ලලිත් උදේෂ මධුභාණු විසින් ශිව මූර්ති ග්‍රන්ථය මෙහි දී අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වන ලදි.

මේ අතර මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මෙරට පාඨකයන් සඳහා විශේෂ වට්ටම් සහිතව සහන මිලට මාර්ගගත ක්‍රමය ඔස්සේ පොත් සහ අනුරූ අලෙවි කිරීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් දේශබන්දු මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සැප්තැම්බර් 16 වැනිදා සිට ආරම්භ වී තිබිණි. මෙම වැඩපිළිවෙල ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට ද මෙහි දී තීරණය විය.

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මහාභාරකාර තැන්පත් නීතීඥ ගනේෂ් ධර්මවර්ධන මහත්වරු අතුළු මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීහු මෙම අවස්ථවට එක්ව සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

17,332 views

9 Comments to “ලෝක ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව අනුරූ ප්‍රතිමාවක් අගමැතිට…”

  1. Kanday says:

    Avalokitesvara is the Boddhisatva of great listening. The one who hears the cries of the world.

    May we learn from her example and listen deeply to our loved ones, our friends, our countrymen and women and the citizens of the world.

  2. sandhya says:

    රටේ පාලකයන් දැහැමි වෙන්න ඕන ඔක්කොමට කලින් .. එතකොට තමා අවලෝකිතේෂ්වර බෝධිසත්ත්ව, ආශීර්වාදය ලැබෙන්නේ ..බොරු සෝබන වැඩක් නැ

    Devo vassatu kalena

    Sassa-sampatti hetu cha

    Phito bhavatu loko cha

    Raja bhavatu dhammiko

    May the rains fall in due season (Environmental balance)

    May the harvest be bountiful (Economic Prosperity)

    May the world prosper

    May the Ruler be righteous(Good Governance)

  3. පැන්ඩෝරා පේපර්ස් says:

    පැන්ඩොරා පේපර්ස් වල සදහන් වනවා මේ අධික මිල සහිත සිතුවම් 33 ක් නිදහස් බහාලුමක රදවා තියෙනවා කියලා නඩේශන් සහ නි. රාජපක්ෂ ගේ හිමිකාරිත්වයෙන්. හොද වෙලාවට ආකෘතියක් දුන්නේ නැත්තං මේකටත් බඩු බනිස්.

    • හෙළයා says:

      තිරුපති වදින අගමැතිට කුමකටද අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාවේ අනුරූ ප්‍රතිමාවක්? දැන් අනුරුව කෞතුගාරයේ ප්‍රදර්ශනයට තබා වෙනුවට සැබෑ පිළිමය නිරුපමාට විකුණයි ..දුටුගැමුණු රජතුමාගේ කඩුව වගේ එකත් නැති වී ය යි

  4. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    Born Again ට මොකටද බුදු පිලිම වහන්සේ නමක්? මුලු පවුලම පල්ලි යන්නේ .

    • gadol says:

      මුළු පවුලම බොරු බෞද්ධයෝ ..පුත්තු විවාහ වෙන්නේ ප්‍රථමයෙන් පල්ලියේ ඊට පසු ජනතාව රැවටීමට පෝරුවට නගිනවා .යන්නේ තිරුපති වදින්න …මේ තරම් රැවටීමක් කරන දේශපාලුවන්ට රටේ වෙහෙරගලින් හමු වී ඇති අවලෝකිතේෂ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාව ක්‍රි.ව.7,8 සියවස්වලට අයත් සංස්කෘතික දේවල් වල අනුරු තෑගී දෙන්නේ මන්ද ? තාමත් වහල් ගැතිකම ගිහින් නැහැ මෝඩ කමේත් සීමාවක් තිබිය යුතුයි මිනිසුනේ

  5. මිල්රෝයි වෙන්නප්පුව says:

    ඔන්න දැන් රට දියුණුවෙන්න පටන් ගනියි බස බස ගාලා.

  6. Dinusha says:

    එච්චරයි මේ නාකියට දෙන්න අඩු තව..

  7. Kalu Albot says:

    Eliyantha Wayittuwaage ilimayak ne denna thibune!

Main News