ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 1.34ක ණයට ගනී.. ගෙවන්න හම්බන්තොට වරාය විකුණූ මුළු මුදලත් තවත් මිලියන 200කුත් ඕනෑ වෙයි..

December 17, 2016 at 10:40 am | lanka C news
ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 1.34ක ණයට ගනී.. ගෙවන්න හම්බන්තොට වරාය විකුණූ මුළු මුදලත් තවත් මිලියන 200කුත්  ඕනෑ වෙයි..

ලෝක බැංකුව විසින් මෙරට සංවර්ධන කටයුතු සදහා ඩොලර් බිලියන 1.34ක මුදලක් අඩු පොලී ණය ලෙස ලබා දීමට එකගතාවය පල කර තිබේ.

මෙරට ක‍්‍රියාත්මක කර ඇති සංවර්ධන උපක‍්‍රම ගැන විශ්වාසයෙන් ලෝක බැංකුව විසින් මෙම ණය මුදල ලබා දීමට තීරණය කර ඇති බව නිල වහයෙන් දන්වා ඇතැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

හම්බන්තොට වරාය චීනයට පැවරීමෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුවට ඩොලර් බිලියන 1.1ක මුදලක් ලැබෙන අතර මෙම ලෝක බැංකු ණය මුදල පියවීමට එම මුදලත් තවත් ඩොලර් මිලියන 200කට වැඩි මුදලකුත් උවමනා වෙයි.

19 views
Main News