ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක්.. ග්‍රාමීය මාර්ග හා අනුබද්ධිත කෘෂි සේවා සංවර්ධනයටයි..

October 2, 2021 at 2:15 am | lanka C news
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක්.. ග්‍රාමීය මාර්ග හා අනුබද්ධිත කෘෂි සේවා සංවර්ධනයටයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන සැලැස්ම ලෝක බැංකුවේ ඇගයීමට ලක්වී ඇත. මෙ ව්‍යාපෘතිය මගින් සාර්ථක ප්‍රතිඵල පෙන්වීම හේතුවෙන් ගම් හා නගර සම්බන්ධ කරමින් ආරක්ෂිතව හා දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන ලෙස මාර්ග සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුව මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ශ්‍රී ලංකාවට ලබා දීමට තීන්දු කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ගම් හා නගර සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියක් ලෙස සහ කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව මඟින් මෙම මුදල ශ්‍රී ලංකා රජය වෙත අනුමත කර දුන් බව සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.

මෙම ව්‍යාපෘතිය මඟින් සමස්ත දිවයිනව ආවරණය වන පරිදි මාර්ග කි.මි 3000ක් පමණ මෙමඟින් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.

එමෙන්ම ග්‍රාමීය වශයෙන් කෘෂිකාර්මික භෝග එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන සහ බෝග ගබඩා කිරීමේ මධ්‍යස්ථාන ද මෙම ව්‍යාපෘතිය මඟින් ඉදි කෙරේ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

12,849 views

6 Comments to “ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක්.. ග්‍රාමීය මාර්ග හා අනුබද්ධිත කෘෂි සේවා සංවර්ධනයටයි..”

  1. Banda says:

    This money should have gone to develop our Railway and increase Rail Cargo.

  2. Appuhamy says:

    Unless the World Bank gets directly involved in project implementation and supervision a major portion of this money will end up somewhere else.

  3. Kalu Albot says:

    Amathithumaalata ekenuth Sanwardhane wenna puluwani. Narinta kukullu baara denawa !

  4. vis8 says:

    Well done Sir! The loser toiyas will find some fault with this too, to hide their inferiorities 🙂

  5. Sura says:

    මූ දිව දෙකේ හිකනලෙක් බව මූ පස්සෙන් දුවන සියල්ලන්ට ම, අවබෝධවීම සදහා නුවණැස පහළ වේවා !!!!!!

    අනවබෝධයෙන් පස්සෙන් දුවන ඒ, අනුගාමිකයන් මතින් දේශපාලනය කරන්න, මූ ගන්නා නිර්ලැජ්ජිත උත්සාහය ගැන ද හැමෝටම අවබෝධ වේවා !!!!!

  6. 3% ට බය බයියා. says:

    ඕකෙන් කීය ක් විතර සාක්කු වලට යයි ද?

Main News