ලෝක බැඩ්මින්ටන් තරඟාවලියට සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා යයි…

November 24, 2021 at 6:20 am | lanka C news
ලෝක බැඩ්මින්ටන් තරඟාවලියට සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා යයි…

දියවන්නාවෙන් බිහි වූ එකම බැඩ්මින්ටන් ශූරයා වන ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් ශූරතා තරඟාවලියට තේරී පත් වී ඇත.

මෙම තරඟාවලිය ස්පාඤ්ඤයේ සෙවිල් (Seville) නගරයේදී මේ මස 25 වැනි දින සිට ලබන මස 05 වැනි දින දක්වා පැවැත්වේ.

සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා කඩවත මහා බෝධි විද්‍යාලයේ හා කඩවත මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර විද්‍යාලීය ශිෂ්‍ය නායක, ක්‍රීඩා නායක හා ශිෂ්‍ය භට කණ්ඩායම් නියෝජනය කර ඇත.

තවද 2019 ගම්පහ දිස්ත්‍රික් බැඩ්මින්ටන් තරඟාවලියෙන් ශූරතාවයත්, අවුරුදු 40 ට වැඩි ඉසව්වෙන් ගම්පහ දිස්ත්‍රික් ශුරතාවයත් අනුරාධපුර පැවති සමස්ත ලංකා බැඩ්මින්ටන් තරඟාවලියේ අනුශූරතාවයත්, 2021 නුවරඑලියේ පැවති සමස්ත ලංකා තරගාවලියේ ශූරතාවයත්, 2021 බස්නාහිර පළාත් සමස්ත ලංකා බැඩ්මින්ටන් අවසන් තරඟාවලියේ යුගල අවසන් වටයෙන් කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ පාදයක සිදුවූ ආබාධයක් නිසා තරග කිරීමට නොහැකි වීමෙන් තරග නොකරම අනුශූරතාවයත් හිමි කරගෙන ඇත. මීට අමතරව 2018, 2019 වර්ෂවල සමස්ත ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති වශයෙන්ද කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක බැඩ්මින්ටන් තරගාවලියකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම තරගාවලියට සහභාගී වීම සඳහා බැඩ්මින්ටන් සංගමයේ නිර්දේශයට අනුව ක්‍රීඩා අමාත්‍යාංශය මගින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව මෙම තරඟාවලියට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ හා ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහතුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු අවසරය ලබා දී ඇත.

– Media unit

36,913 views

9 Comments to “ලෝක බැඩ්මින්ටන් තරඟාවලියට සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා යයි…”

  1. Jakson says:

    Danne nethi nisai ahanne, meyage WORLD RANK EKA keeyada? E gena sandahan nethi nisai ahanne, meeta Wada sudusukam ethi kreedakayan sponsor kenek nethi nisa tournament walata yanna beriwa innawa neda?

  2. කඩේ මුදලාලි says:

    පහුගිය දවස්වල උපන් ඇඳුමෙන් බැඩ්මින්ටන් ගහල සහයක ක්‍රීඩිකාවගෙ සැමියාගෙ අතටම මාට්ටූ උනා…

  3. Nalin says:

    මොහුගේ පුද්ගලික වියදමෙන් මේ සංචාරය යන්වානම් කිසිම ගැටලුවක් නෑ. ඔහුගේ පැත්තෙන් බලනකොට ඔහුට අත්‍යවස්‍ය සංචාරයක්. මරණාධාර සමිතියකවත් වටිනා කමක් නැති මුදල් ගෙවා ආරාධනාවක් ලබාගෙන දහ පහලොස් දෙනෙක් පමන පිරිසක් ඇමතීම සදහා දරු මුණුපුරන් පිරිවරා 82 කුගේ පමණ හිතවතුන් පිරිවරා අති සුඛෝපභෝගී ඉතාලි සංචාරයක් නිරත වීමනම් රට මුනපා ඇති බැරෑරුම් අවස්තාවේ කාගෙත් කතා බහට ලක් උන සිද්ධියක්. මේව දැකල තමා කොල්ලෝ රට හැර යන්නේ .

  4. සකු says:

    එතකොට අර හොර සොට් එක අරන් යන්නෙ නෙතෙයි

  5. දැන් අර යකා ක්‍රිකට් නවත්තල බැට්මින්ටන් ගහන්න පටන් ගනීද දන්නේ නැහැ

  6. 0.00069 BIYYO says:

    මොහුගේ පුද්ගලික වියදමෙන් මේ සංචාරය යන්වානම් කිසිම ගැටලුවක් නෑ. ඔහුගේ පැත්තෙන් බලනකොට ඔහුට අත්‍යවස්‍ය සංචාරයක්. මරණාධාර සමිතියකවත් වටිනා කමක් නැති මුදල් ගෙවා ආරාධනාවක් ලබාගෙන දහ පහලොස් දෙනෙක් පමන පිරිසක් ඇමතීම සදහා දරු මුණුපුරන් පිරිවරා 82 කුගේ පමණ හිතවතුන් පිරිවරා අති සුඛෝපභෝගී ඉතාලි සංචාරයක් නිරත වීමනම් රට මුනපා ඇති බැරෑරුම් අවස්තාවේ කාගෙත් කතා බහට ලක් උන සිද්ධියක්. මේව දැකල තමා කොල්ලෝ රට හැර යන්නේ

    • Gonja says:

      යකෝ මූට පිස්සුද අනුන්ගේ කොමෙන්ට් කොපිකරල දාන්ඩ .

  7. Susantha Jayawickrama says:

    මගේ උනුසුම් සුභ පැතුම්…. ඒ උනාට පොඩි ප්‍රශ්ණයක්…. ක්‍රීඩා ඇමතිගෙ නම සඳහන් වෙලා නැහැ… ? ප්‍රෂ්ණයක් වත්ද. ?

  8. Pork says:

    අනේ පවු නොදී තොලොන්ච් වෙලා පල ….තොපෙ කයිය විතරයි .

Leave a Comment