ලෝක වකුගඩු රෝග දිනයේ සුපිරි හෙළිදරව්ව.. සෞඛ්‍ය ඇමතිගේ වකුගඩු රෝග සම්බන්ධීකාරකත් හොර දොස්තර කෙනෙක්..
March 9, 2017 at 2:10 pm | lanka C news
සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ ‘වකුගඩු රෝග සම්බන්ධීකාරක’ ලෙස ක්‍රියා කරන තැනැත්තා වෛද්‍යවරයකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් සම්පුර්ණ නොකළ පුද්ගලයකු බව හෙළි වී ඇත. ඔහු රුසියානු උපාධියක් ලබා ඇත ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී නැත. තවද රජයේ සේවයේ නියැලෙන වෛද්‍යවරයකු සමත් විය යුතු මුලික කඩයිම් පරීක්ෂණය (EBA) සමත් වී නැති බව ද අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් සාමාන්‍ය වෛද්‍යවරයකුවත් නොවන මේ පුද්ගලයා විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් විවිධ වරප්‍රසාද රැසක් භුක්ති විදින බව ද අමාත්‍යංශ ආරංචි මාර්ග හෙළි කරයි.
මොහු මීට පෙර උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධව සේවය කල අතර මේ වංචනික ක්‍රියාව හෙළි වීම නිසා උතුරු මැද පළාත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මොහුට එරෙහිව නිසි ක්‍රියාමාර්ගයක් නොගත හොත් වෘත්තීය ක්‍රියා මාර්ගයකට යොමු වන බව නිවේදන නිකුත් කළේය.
ඒ සමගම උතුරු මැද පළාතෙන් අතුරුදහන් වූ මොහු සෞඛ්‍ය ඇමතිගේ වකුගඩු රෝග සම්බන්ධීකාරක ලෙස නව පත්වීමක් ලබා ඇත.
රුසියානු උපාධියක් ලබා වෛද්‍යවරයකු ලෙස නිසි පරිදි වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවූ සයිටම් ආයතනයේ ප්‍රධානියකු වූ සමීර සේනාරත්න ද මීට පෙර ‘වෛද්‍ය’ නාමය අවභාවිතා කරන බවට දැඩි චෝදනාවකට ලක් විය.
FB
මුන් කාගේත් වකුගඩු තියෙන්නේ ඔලුවේ. මොලේ තියන්නේ තට්ටමේ….