ලෝක වෙලදපලේ ඉන්ධන මිල විශාල ලෙස අඩුවෙයි.. මෙරට මිල අඩුවීමක් නෑ.. මිල සූත‍්‍රය වැඩි කරන්න විතරයි…

September 18, 2022 at 2:10 pm | lanka C news
ලෝක වෙලදපලේ ඉන්ධන මිල විශාල ලෙස අඩුවෙයි.. මෙරට මිල අඩුවීමක් නෑ.. මිල සූත‍්‍රය වැඩි කරන්න විතරයි…

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල මිල මේ වන විටත් සැළකිය යුතු ලෙස පහළ බැස තිබියදීත් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය නොසතුට පළ කරයි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත වැටී ඇති නිසා ඉන්ධන මිල අඩු වීමක් මෙරට සිදු නොවීම සම්බන්ධයෙන් රජය කරුණු පැහැදිලි කළ යුතු බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

සෑම මසකම මහා පළමුවැනිදා හා පහළොස් වැනිදා ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් වීම අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කරන බව විෂය භාර අමාත්‍යවරයා මීට පෙර පැවසූ බවද ඒ අනුව පොරොන්දු පරිදි මිල සූත්‍රය ක්‍රියාත්මක විය යුතු බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

19,457 views

3 Comments to “ලෝක වෙලදපලේ ඉන්ධන මිල විශාල ලෙස අඩුවෙයි.. මෙරට මිල අඩුවීමක් නෑ.. මිල සූත‍්‍රය වැඩි කරන්න විතරයි…”

  1. Pissu Pusa says:

    If you are genuinely interested in the public welfare you should strike demanding the benifits to the country. Not only strike to increase.

  2. Alapaluwa says:

    මේවා එසේ මිළ අඩුවුණාට ඒ ලංකාවේ නොවේ ලෝක වෙළඳ පොළේ.මුන්ට ඒ අඩුකිරීම කරන්න බැරි උන් දැන් පුරුදු වෙලා ජනතාවගෙන් ඒ වෙනස සුරාගෙන එවුන්ගේ සුක විවරණයට භාවිතා කරන්න අන්න ඒ පර රේජිමයින්ව පළවා හැරිය දවසට සැබෑ වෙනසක් වේවි ලංකාවට නැතිව නිවාඩුවකට වත් ඇවිත් අපාගත වෙන්න සිතන්නවත් බැහැ.දැනෙන දුකනම් කිවා නිමාකරන්න බැහැ.මුන් කෑවා රට නැත්තටම නැතිවෙන්න.නමුත් තවමත් ඉන්නවා වාහාල්ලු මුන් හොඳයි කියන.Alapaluwa

  3. තුෂා says:

    අවු 74 රට විනාශකල හැත්ත. තව තවත් අහිංසක දුක්විඳන,දීමනා නොලබන ජනතාව පීඩනයට පත් නොකර පුලුවන් අයට රට භාරදී ඉක්මනින්ම පලයව්.

    තොපි තව අවු1000ක් හිටියත් මේකම තමා එන්න එන්නම විනාශයම තමා..
    කෝටි 2ක් ජනතාව අද දුක් විඳින්නේ තොපි නිසයි කන්න නැතිව, බේත් නැතිව,අධික අසීමිත බදු ගෙවමින්, අද කී දෙනෙක් දුක් විඳිනවද, ඇයි තොපි තවත් අසීමිත ලෙස බදු ගසන්නේ..තොපි අමුනුස්සයෝද, තිරිසන්නුද, පිස්සු බල්ලොද , මිනිසුන්ගේ දුක නොතේරෙන තොපි මොනුන්ද, තොපේ යුතුකම වන්නේ බදු වැඩි කිරීම නොවේ බදු අඩුකර ජනතාවට සහන දීමයි. තොපි කල වැරදි වලට ජනතාව පලිද, තොපි දුක්විඳන ජනතාවගේ සල්ලි වලින් අසීමිත ලෙස දීමනා ගන්නවා දුක් විඳින එවුන්ට මොකුත් නැ…රටේ සම්පත් පිටරටවලට විකුනා කොමිස් ගන්නවා.රටේ ගෑනු ටිකත් පිටරට වලට විකුනනවා.උප දින්න සිටින දරුවොත් පිටරට වල නය කාරයන් කරනවා.මේවා කරන්නම් තොපි මොකටද?. අනන්ත දුක් විඳින ජනතාවගේ සල්ලි වලින් අසීමිත දීමනා ගන්න තොපිට, තොපේ දරුවන්ට, උප උපන් ජාති මේ රටේ මිනිස්සුනට කඹුරන්න වෙයි.තව තවත් මේ රටේ ජනතාවට අපා දුක් නොදී . මේ රට කරන්න පුලුවන් එවුන්ට දීලා ඉක්මනින්ම තොපි පලව්…

Leave a Comment

Main News