ලෝක වෙළඳපොලේ ගෑස් මිළ පහල බසී.. ලංකාවේ මිල ඉහළට..

May 3, 2018 at 8:40 am | lanka C news
ලෝක වෙළඳපොලේ ගෑස් මිළ පහල බසී.. ලංකාවේ මිල ඉහළට..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

පසුගිය දා ගෑස් සිලින්ඩරයක මිළ රු 245කින් රු 1,675 දක්වා වැඩි කළා.  2017 සැප්තැම්බර් මාසයේ දී ගෑස් සිලින්ඩරයක මිළ රු 1,430 දක්වා රු 110කින් වැඩි කළා.  එතකොට ලෝක වෙළඳපොලේ ගෑස් ටොන් එකක මිළ ඩොලර් 480යි.

2018 අප්‍රේල් මාසයේ ගෑස් ටොන් එකක මිළ ඩොලර් 475යි.  ඒ කියන්නේ මිළ වැඩි වෙලා නොවේ අඩු වෙලා.  2018 ජනවාරි මාසයේ දී ඩොලර් 580ට තිබුණු ගෑස් ටොන් එකක් මේ වන විට ඩොලර් 105කින් අඩු වෙලා.

ලෝක වෙළඳපොලේ මිළ අඩු වන අතරේ ලංකාවේ මිළ වැඩි කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට ආණ්ඩුව පිළිතුරු බැඳිය යුතුයි.

සමහරෙක් කියන්න පුළුවන් මීට මාස දෙකකට කලින් මිළ දී ගත් ගෑස් තමයි දැන් විකුණන්නේ කියලා. මොකද මාස දෙකක පොරොත්තු කාලයක් තියෙනවානේ කියලා.  ඒ වුණත් මිළ පහත බසිමින් තිබිය දී මිළ වැඩි කිරීමට කිසිම තාර්කික පදනමක් නෑ.

– අරවින්ද අතුකෝරල

44 views
Main News