ලෝක සහ කලාපිය ත්‍රස්තවාදය, අන්ත්වාද, මූලධර්මවාදීන් විනාශ කිරීමට ඉන්දියාව-ඇමරිකාව අත්වැල් බැදගනි.. මෝදි-ට්‍රම්ප් හමුව ඉතා ඉහළින් ධවල මන්දිරයේදී..

June 27, 2017 at 1:20 pm | lanka C news
ලෝක සහ කලාපිය ත්‍රස්තවාදය, අන්ත්වාද, මූලධර්මවාදීන් විනාශ කිරීමට ඉන්දියාව-ඇමරිකාව අත්වැල් බැදගනි.. මෝදි-ට්‍රම්ප් හමුව ඉතා ඉහළින් ධවල මන්දිරයේදී..

මේ දිනවල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනාවක් අනුව ඇමරිකාවේ සංචාරයක යෙදෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ධවල මන්දිරයේදී රාජ්‍ය නායකයකුට ලබාදෙන ඉහළම ගෞරවය ලබාදීමට ඇමරිකානු ජනාධිපතිවරයා කටයුතු කොට යෙදුහ.

මෙහිදී ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැතිවරයා එක්ව එකාබද්ධ නිවේදනයක් ධවල මන්දිරයේදී ප්‍රකාශට පත් කරන ලදි. එහිදි රටවල් දෙකම එක්ව පකිස්තාන භුමිය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා යොදා නොගැනීමට කටයුතු කල යුතු බව ප්‍රකාශ කල අතර ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් රටවල් දෙකම එකම මතයේ සිට කටයුතු කරන බවට දෙරටේ නායකයින් එකග වූ බැව් ටෛම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තා කොට ඇත.

මෙම හමුවට ප්‍රථම ඇමරිකාව විසින් කාශ්මීර සටනේ ප්‍රධානියෙකු වන පකිස්තාන සහයෝගය ලබන මුස්ලිම් නායකයකුවන හිස්බුල් මුජාඩීන් ඇතුළු කැරලිකරුවන් ලෝක ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි. Link

ඇමරිකාව මෙසේ ප්‍රකාශ කිරීමත් සමඟම ඉන්දියාවේ ඉතා ඉහළින් එම ප්‍රකාශය සම්බන්ධව තම සතුට ඇමරිකාවට ප්‍රකාශ කල අතර අගමැති මෝදි සමඟ ඇමරිකාව එක්ව ලොකයේ ත්‍රස්තවාදී අන්තවාදීන් මෙන්ම මූලධර්මවාදීන් (terrorist extremism and radicalism) මුලිනුපුටා දැමීමට එකගවීම, එම රටවල්වල භූමිය ත්‍රස්තවාදී කටයුතුවලට යොදාගැනීමට ඉඩ නොදීම යන කරුණු මත ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම බලවතුන් දෙදෙනකු එක්වීම ශ්‍රීලංකාව වැනි ඉන්දීය කලාපයේ පිහිටි අප වැනි රටකට කෙසේ බලපා හැකිද යන්න ඉදිරියේදී දැකගත හැකිය. Link

91 views

2 Comments to “ලෝක සහ කලාපිය ත්‍රස්තවාදය, අන්ත්වාද, මූලධර්මවාදීන් විනාශ කිරීමට ඉන්දියාව-ඇමරිකාව අත්වැල් බැදගනි.. මෝදි-ට්‍රම්ප් හමුව ඉතා ඉහළින් ධවල මන්දිරයේදී..”

  1. john the baptice says:

    කුරානයේ තිබෙන ත්‍රස්තවාදය, ඇතිකරන වචන ජිහාදී මේ වචන තහනම් කල යුතුය මේ වචනය නිසා ලෝකයේ කි දෙනෙක් මරනයට පත් වෙන වද?

  2. gadol says:

    ඉන්දියානුවෝ කකුල් දෙකත් ලෙව කාවි තමන්ගේ වැඩේ කරගන්න

Main News