වංචනිකයෙකුට ප්‍රදේශවාසීන් පහරදී පොලීසියට භාරදෙයි.. සැකකරු ආරක්ෂක අංශ සාමාජිකයෙකු යයි සැක…

July 22, 2018 at 4:40 pm | lanka C news
වංචනිකයෙකුට ප්‍රදේශවාසීන් පහරදී පොලීසියට භාරදෙයි.. සැකකරු ආරක්ෂක අංශ සාමාජිකයෙකු යයි සැක…

යහලුවෙකුගේ ඒ.ටී.එම්.එම්. කාඩ්පතක් සොරාගෙන වව්නියාවේ රාජ්‍ය බැකුවකින් රුපියල් ලක්ෂයක් ලබාගත් පුද්ගලයෙකු ඊයේ (21) රාත්‍රියේ ප්‍රදේශවාසීන් විසින් අල්ලා වව්නියාව පොලීසිය වෙතට භාර දී ඇත.

අදාල සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතරම මිතුරෙකුගේ එ.ටී.එම්.කාඩ්පතක් සොරාගෙන වව්නියාවට පැමිණ රජ්‍ය බැංකුවක පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රයක් සමීපයට ගොස් අසල සිටි කාන්තාවකට පවසා ඇත්තේ තමන්ගේ ඇස් නොපෙනෙන බැවින් අදාල ඒ.ටී.එම්. කාඩ්පතින් රුපියල් ලක්ෂයක් රැගෙන ලබා දෙන ලෙසටයි අදාල කාන්තාව ඒ.ටී.එම් යන්ත්‍රෙයන් මුදල් ගෙන සැකකරුට ලබා දෙන අවස්ථාවේදී එම සැකකරුගේ ඇස් නොපෙනීමේ දුර්වලතාවයක් නොමැති බැවින් ඒ බව අසල සිටි තරුණයින් පිරිසකට පවසා ඇති අතර එම තරුණයින් විසින් අදාල සැකකරුගෙ ප්‍රශන කිරීමට සැරසෙන අවස්ථාවේදී සැකකරු පලා ගොස් ඇත.

පසුව සැකකරු පසුපස හඹා ගිය තරුණයින් සැකකරු අල්ලා පහරදෙන විට සැකරු විසින් අදාල ඒ.ටී.එම් කාඩ්පත හා රහස්‍ය අංකය තම මිතුරෙකුගෙන් සොරාගෙන බැංකුවේ කැමරා වලට හසුවන හෙයින් කාන්තාවක් ලවා මුදල් ලබාගත් බවට සියල්ල පවසා ඇති අතර තරුණයින් විසින් සැකකරු වව්නියාව පොලීසියට භාර දීමට කටයුතු කොට ඇත.

වව්නියාව පොලීසිය විසින් සිදු කරන ලද පරික්ෂණ වලදී අනාවරනය වී ඇත්තේ අදාල සැකකරු මුලතිව් ප්‍රදේශයේ ආරක්ෂක අංශයේ කටයුතු කරන පුද්ගලයෙකු බවටත් ඒ පිළිබඳව වැඩි දුර පරික්ෂණ අරඹා ඇති අතර සැකකරු වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

20 views

5 Comments to “වංචනිකයෙකුට ප්‍රදේශවාසීන් පහරදී පොලීසියට භාරදෙයි.. සැකකරු ආරක්ෂක අංශ සාමාජිකයෙකු යයි සැක…”

  1. Nim says:

    THARUNAYAN GE
    EDIRIPATH WEEMA ETHA AGAYA
    KALA UTHIEE.
    MEWANI DE AGAYA KIREEMATA
    APE SAMAJAYA
    MALI WANNE MANDA?

  2. Gayantha says:

    Mun wage ewun thama polisiye army eke nama kanne. Ula thiyanna ona.

  3. David Milli-banda says:

    Send this bugger to the dark room bunker for 24 months with other detainees at Panagoda.

  4. Atula says:

    True, it is a criminal act, there is no argument on that and the culprit should be punished. At the same time we need to think why people get directed to these types of acts. Majority of these criminal acts are done by innocent people who have no other option in life. We need to find a solution for that rather than punishing culprits like trying to bring hanging back.