වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීමට ශ‍්‍රී ලංකාව සහ චීනය අතර ගිවිසුමක්…

October 31, 2016 at 2:04 am | lanka C news
වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීමට ශ‍්‍රී ලංකාව සහ චීනය අතර ගිවිසුමක්…

වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීම සහ එය නිවාරණය කිරීෙමි විසඳුම් සෙවීම සදහා චීන රජය විසින් ලක් රජයට සහාය දැක්වීමට පොරොන්දු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ශ‍්‍රී ලංකාෙවි ජාතික ව්‍යසනයක් වන වකුගඩු රෝගය දිස්ත‍්‍රීක්ක 12 ක් පුරා ව්‍යාප්තව ඇත. වකුගඩු රෝගයෙන් දැඩි පීඩාවට පත්ව සිටින්නේ උතුරුමැද පළාතේ ජනතාවය. මෙම නිසා මනුෂ්‍ය ජීවිත අහිමි වීම් මෙන්ම ජනතාවගේ කාර්යක්ෂමතාවය ද අඩුවෙමින් පවතියි. සමාජයට ද අගතියක් සිදුවන අතර, වකුගඩු රෝගයට බලපා ඇති හේතුකාරකයන් සොයා ගැනිම සදහා රජය මෙන්ම වෙනත් සංවිධාන ද විශාල පරිශ‍්‍රමයක් දරමින් සිටියි.

අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් චීන – ශ‍්‍රී ලංකා සබදතා නව මාවතකට යොමු කරමින් සිටින කාලයක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා චීන රජය සමග වකුගඩු රෝගය තුරන් කිරිම සදහා සාකචිඡුා පවත්වන ලදි. එම සාකචිඡුා මල් ඵල ගන්වමින් චීන රජය වකුගඩු රෝගය තුරන් කිරීම සදහා ලක් රජය සමග අවබෝධතා ගිවිසුමකට පසුගියදා එලඹෙන ලදි. චීන විද්‍යා පර්යේෂණ ආයතනය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එම ගිවිසුමට එළැඹුනු අතර, ලක් රජය වෙනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ චීන විද්‍යා පරීක්ෂණ ආයතනය වෙනුවෙන් සභාපති මහාචාර්ය Zhongli Ding මහතා ඊට අත්සන් තබන ලදි.

මෙම අවබෝධතා ගිවිසුෙමි මූලික පරමාර්ථ වන්නේ වකුගඩු රෝගය සදහා පදනම් වන නිශ්චිත රෝගකාරක සෙවීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හැකියාවන් ප‍්‍රවර්ධනය කිරිම සදහා ද්විපාර්ශ්වික ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම, වකුගඩු රෝගය ප‍්‍රාථමික අවධියේ දී හදුනා ගැනීම සදහා පර්යේෂණ උපකරණ ලබාදීම, නවීන ලෝකයට ගැලපෙන පරිදි වකුගඩු රෝගීන්ගේ දත්ත යාවත්කාලීන කිරිම යනාදිය යි.

මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එම ගිවිසුම හුවමාරු කරගන්නා ගන්නා  ලද අතර, මෙම වැඩපිළිවෙල පිළිබදව සොයා බැලීම සදහා චීන නියෝජිත කණ්ඩායමක් ලබන දෙසැම්බර් මාසයේ දී ශ‍්‍රි ලංකාවට පැමිණීමට ද නියමිතය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, අතිරේක ලේකම් (සංවර්ධන* ජනක ශ‍්‍රී චන්ද්‍රගුප්ත මහතා, චීනයේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ ශානි කරුණාරත්න මහත්මිය, චීන විද්‍යා පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය Min Yang මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය අසංක රණසිංහ මහතා, වෛද්‍ය උපුල් ගුණසේකර මහතා, වෛද්‍ය පුබුදු ද සිල්වා මහතා යන මහත්ම මහත්මිීන් එක් ව සිටියහ.

– නිපුන් ඒකනායක

16 views
Main News