වකුගඩු රෝගයට හේතු සහ ප්‍රතිකාර කිරීමට රජරටට ආයුර්වෙිද පර්යේෂණ රෝහලක්..
August 5, 2017 at 2:12 am | lanka C news
දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයක පැතිර පවතින වකුගඩු රෝගයට ආයුර්වේද ප්‍රතිකාර කිරීම සදහා පුලුල් වැඩපිළීවෙලක් දියත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
විශේෂයෙන්ම උතුරු මැද පළාතේ වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීම සදහා පර්යේෂණ රෝහලක් ඉදිකිරිමට පියවර ගෙන ඇත. මැදවච්චිය ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම පර්යේෂණ රෝහල අගෝස්තු මස 06 දින සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් විවෘත කිරිමට නියමිතය.
දැනටමත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා රෝගීන් 2487 ක් ලියාපදිංචි වී ඇත. මාසිකව රෝගීන් 600 කට අධික සංඛ්‍යාවකට ආයුර්වේද සේවාව තුලින් ප්‍රතිකාර ලබාදෙයි.
ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවාව ද විධිමත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව උතුරු මැද පළාතේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය මාධ්‍යස්ථාන ස්ථාපිත කොට ආයුර්වේද සෞඛ්‍ය සේවාව ගමට ගෙනයාමට සෞඛ්‍ය අමාත්‍යවරයා සැලසුම් කර ඇත. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ එවැනි මධ්‍යස්ථාන 08 ක් ස්ථාපිත කර ඇති අතර, ගලෙන් බිදුණු වැව සහ තලාව නව සෞඛ්‍ය මධ්‍යස්ථාන ලබන 06 දා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙතින් විවෘත කිරීට නියමිතය. මෙම වසර තුල දී නාච්චාදූව, තිරප්පනේ සහ රඹෑව යන ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන ද ඉදිකිරිමට සැළසුමි කර ඇත.
මෙම මධ්‍යස්ථාන මගින් පෝෂණය, ආරක්ෂිත ජලය සැපයීම, මාතෘ සෞඛ්‍ය, පවුල් සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය ඇතුලු කරුණු 17 යටතේ සෞඛ්‍ය සේවාවන් සිදු කරනු ලබයි
– ප්‍රසන්න අධිකාරී