වකුගඩු රෝගයට හේතු සොයා පේරාදෙණි සරසවියේ පර්යේෂණායතනයක්.. අතහිත චීනයෙන්..

November 2, 2016 at 2:06 am | lanka C news
වකුගඩු රෝගයට හේතු සොයා පේරාදෙණි සරසවියේ පර්යේෂණායතනයක්.. අතහිත චීනයෙන්..

දිස්ත‍්‍රීක්ක 12 ක පැතිර පවතින වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීම සදහා චීන රජයේ සහයෝගය මත පේරාදෙනිය විශ්ව විද්‍යාල භූමියේ පර්යේෂණායතනයක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

චීන විද්‍යා පර්යේෂණායතනයට අනුබද්ධව පිහිටුවන මෙම පර්යේෂණායතනය සදහා අක්කර 7 1/2 භූමියක් යොදාගනු ලබයි. ඒ සදහා චීන රජයෙන් ලැබෙන මුදල ඇමරිකානු ඩෝලර් බිලියනයකි.

සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා චීනයේ කළ සංචාරක දී එම පර්යේෂණායතනය ඉදිකිරීම සදහා වූ ගිවිසුමකට චීන විද්‍යා පර්යේෂණායතනය සමග අත්සන් කර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ ජංගම රසායනාගාර දෙකක්, වකුගඩු ශල්‍යකර්ම සිදු කිරිම සදහා භාවිත කරන උපකරණ සහ වකුගඩු රෝගීන්ට ප‍්‍රතිකාර කිරිම පිළිබදව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා පුහුණුවක් ලබාදීම ද මෙහිදී සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඇහැලියගොඩ දිසා රෝහලේ ඉදිකිරිමට යෝජිත පස්මහල් ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීෙමි අවස්ථාවට සහභාගිවෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙම උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද ප‍්‍රකාශ කළේය –

‘වසරකට ලක්ෂ දෙකහමාරකට වඩා ප‍්‍රතිකාර ලබාගන්නා ඇහැලියගොඩ දිසා රෝහල මූලික රෝහලක් ලෙසට පරිවර්තනය කිරීමට අපි තීරණය කර තිබෙනවා. ඊට අදාල ගැසට් නිෙවිදනය ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතයි.”

ර්‍ණයහපාලන රජයෙන් නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියටම රැගෙන යන බව මම මෙහිදී ප‍්‍රකාශ කරනවා. හෘද රෝගීන්ට ද නොමිලේ ස්ටෙන්ස් ලබාදිම, අක්ෂි රෝගීන්ට නොමිලේ අක්ෂි කාච ලබාදීම අප විසින් ගනු ලැබූ තවත් ඉතා වැදගත් තීරණ දෙකක් වෙනවා.

රජයේ රෝහල්වලින් රෝගීන්ට ලබාදෙන්නේ හොදම ඖෂධ යි. එම ඖෂධ නිර්දේශ කර තෝරාගැනීෙමි බලය ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන්ටයි. එම නිසා බාල ඖෂධ රජයේ රෝහල්වලින් ලබාදෙන්නේ නැහැ. බාල ඖෂධ ලබාදෙන්නේ නම් එම ඖෂධ නිර්දේශ කරන්නේ අපේ රටේ සිටින විශේෂඥ වෛද්‍යවරුන් විසින්. අපේ ජනතාව තුල මතයක් තිබෙනවා ෆාමසිවලින් හොද ඖෂධ ලබාදෙන බවත්, රජයේ රෝහවලින් බාල ඖෂධ ලබාදෙන බවත්, එය වැරදි මතයක්.ලාභයක් නොබලා තමයි රෝගී ෂත්කාර සේවාවන් ක‍්‍රීයාත්මක කරන්නේ’

මෙම අවස්ථාවට හිටපු පාර්ලිෙමින්තු මන්ත‍්‍රී පුජ්‍ය එල්ලාවල ෙමිධානන්ද හිමි, සබරගමුව ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා, ආපදා කළමණාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා, ඇතුළු දේශපාලනඥයින් රැසක් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිස් ද එක්ව සිටියහ.

– නිපුන් ඒකනායක

6 views
Main News