වකුගඩු රෝග නිවාරණයට ජාත්‍යන්තර සම්මාන දී ජනාධිපතිවරයා අන්දලා..

December 24, 2016 at 4:06 am | lanka C news
වකුගඩු රෝග නිවාරණයට ජාත්‍යන්තර සම්මාන දී ජනාධිපතිවරයා අන්දලා..

වකුගඩු රෝග නිවාරණය සදහා සම්මාන ලබා දීම ජනාධිපතිවරයා නොමග යැවීමක් යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

වකුගඩු රෝග නිවාරණය සදහා සම්මාන ලබා දීම ජනාධිපතිවරයා නොමග යැවීමක්.

වසරකට 5000 කට අධික පුද්ගලයින් වකුගඩු රෝගයට ගොදුරු වෙද්දී වකුගඩු රෝගය වැළදීමට හේතු සෙවීම පසෙකලා වකුගඩු රෝග විශේෂ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය වකුගඩු රෝග නිවාරණය සදහා වන සම්මාන ජනාධිපතිවරයාට ලබා දීම හාස්‍ය ජනකය. රෝග නිවාරණය යනු රෝගය වැලැක්වීමට කටයුතු කිරීම වන අතර ජනාධිපතිවරයා වකුගඩු රෝගය නිවාරණය කිරීම සදහා කිසිවිටකත් කටයුතු කර නැති අතර වකුගඩු රෝගය පැතිරෙන ආකාරය පිළිබදව කොතෙක් පර්යේෂණ කලත් වකුගඩු රෝගය වැළදීමට වන නිෂ්චිත හේතු පිළිබදව මෙරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ නොකරන්නේ මෙරට බහුජාතකි සමාගම් වල බල පෑමට බව අපි නොබියව ප්‍රකාශ කරන්නෙමු. වකුගඩු රෝගය වැළදීමට  ප්‍රධාන හේතුව වන්නේ කෘෂිකාර්මික කටයුතු බවට ජනාධිපතිවරයාට ඒත්තු ගන්වමින් වකුගඩු රෝග නිවාරණය කිරීමේ ජනාධිපති කාර්යය සාධක බලකායද ජනාධිපතිතුමා ගොනාට අන්දවමින් සිටීම කණගාටුදායකය.

නෙස්ලේ සමාගමේ නෙස් ටී පානයේ අඩංගු සේදුම් කාරකයෙන් (trisodium phosphate) හා මෙරට පාරිභොගිකයින් පරිභෝජනය කරනු ලබන ආහාර වලින්ද වකුගඩු රෝගය වැළදීමට හැකි බව මෙරට වෛද්‍යවරුන් දිගින් දිගටම ප්‍රකාශ කරද්දී නෙස්ලේ සමාගමේ උත්සව සදහා ජනාධිපතිවරයා සහභාගීකරවා ගනිමින් හා අදාල සමාගමේ නිෂ්පාදන මෙරට රෝහල් තුළ අලෙවි කිරීමට ඉඩදෙමින් මෙරට බළධාරීන් වකුගඩු රෝගය ව්‍යාප්ත කිරීම සදහා ආධාර හා අනුබල දෙනු ලබයි. නෙස්ලේ සමාගමේ සේවය කරමින් තනතුරු හා වරප්‍රසාද ලබා ගන්නා දේශපාලන හෙංචයියලා මුදලට කෑදරව මෙරට ජනතාව වකුගඩු රෝගයට නිරාවරණය කරමින් සිටිද්දී වකුගඩු රෝග නිවාරණය සදහා ජනාධිපතිවරයාට සම්මාන ලබාදීම ජනාධිපතිවරයා ගොනාට ඇන්දවීමක් නොවන්නේ කෙසේද? යන්න අපි ප්‍රශ්ණ කරමු.

බැංකු ගිණුම් වලට මුදල් එකතු කළාට හා වකුගඩු රෝගය සම්බන්ධ ප්‍රකාශ නිකුත් කළ පමණින් වකුගඩු රෝගය නිවාරණය කිරීමට හැකි බව ජනාධිපතිවරයා සිතන්නේ නම් එය ජනාධිපතිවරයා දකින තවත් දවල් සිහිනයක් පමණක් වේ.

මෙරට ජනතාව පීඩාවට පත් නොකර වකුගඩු රෝගය වැළදීමට හේතු වන කරණු පිළිබදව නිවැරදි තොරතුරු සමාජගත කරන ලෙස නිළධාරීන්ට උපදෙස් දෙන ලෙස හා මෙරට වකුගඩු රෝගය ව්‍යාප්ත කිරීමට අනුබල දෙන සමාගම් මෙරටින් පන්නා දැමීමට කටයුතු කරමින් සැබෑ ලෙසම ජනතා සම්මානයට පාත්‍රවන ලෙස අප ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති

133 views
Main News