වකුගඩු රෝග නිවාරණය බල්ලටම යයි.. රතන හිමි නොට් රෙස්පොන්ඩඞ්..

December 15, 2016 at 8:40 am | lanka C news
වකුගඩු රෝග නිවාරණය බල්ලටම යයි.. රතන හිමි නොට් රෙස්පොන්ඩඞ්..

වකුගඩු රෝග නිවාරණයට සදහා පිහිට වූ ජනාධිපති කාර්ය සාධන බලකාය සහ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශය විසින් අද දිනයේ සංවිධානය කර ඇති වැඩමුළුවත් සමග රජය ඒ සම්බන්ධයෙන් දරන දෙබිඩි ප්‍රතිපත්තිය සනාථ කර ඇතැයි මේ සම්බන්ධයෙන් පර්යේෂණ කල විද්වත්හු කියති.

රජය සිදු කල යහපත් කටයුත්තක් ලෙස සැලකෙන ග්ලයිපොසෙට් කෘෂි රසායනය තහනම් කිරීමට එරෙහිව විරෝධතාව මතු කල ප්‍රධාන පුද්ගලයා ලෙස සැලකෙන කැනඩාවේ ජීවත් වන චන්ද්‍රා ධර්මවර්ධන නම් විශ්‍රාමික මහාචාර්යවරයකු ලවා ප්‍රධාන දේශනය පවත්වන වැඩමුළුවක් අද දිනයේ වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂක අසේල ඉද්දවෙල මහතා සභාපතිත්වය දරන ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා ශ්‍රවනගාරයයේ දී පැවැත්වේ.

“ග්ලයිපොසෙට් සබන් වතුර වලටත් වඩා විෂෙන් අඩු” බවට කුප්‍රකට ප්‍රකාශය සිදු කලේ ද මෙම කැනඩාවේ ජීවත් වන පුද්ගලයා ය. සුසිල් ප්‍රේමජයන්ත මහතා අමාත්‍යධුරය දරන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශය යටතේ ඇති “කොස්ටි” නම් ආයතනයක් මෙම වැඩමුළුව සම්බන්ධීකරණය කරයි. මේ අතර කොස්ටි ආයතනයේ නිලධාරියෙක් පවසා සිටියේ නත්තල් නිවාඩුවට මෙරටට පැමිණෙන ආචාර්ය ධර්මවර්ධන සිදු කල ඉල්ලීමක ප්‍රතිපලයක් ලෙස මෙම වැඩමුළුව පැවැත්වීමට රජය මුදල් වෙන් කල බවයි.

මේ සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමියන්ගේ අදහස දන ගැනීමට උත්සාහ කල ද උන්වහන්සේ සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

267 views