වගකීම බාරගෙන ඉල්ලා අස්වුනොත් තානාපතිකමක් දෙන බව ජනාධිපති කිවුවා.. මං බෑ කිවුවා..- පොලිස්පති රහස් සියල්ල දිගහරී..[Video]

June 6, 2019 at 10:15 pm | lanka C news
වගකීම බාරගෙන ඉල්ලා අස්වුනොත් තානාපතිකමක් දෙන බව ජනාධිපති කිවුවා.. මං බෑ කිවුවා..- පොලිස්පති රහස් සියල්ල දිගහරී..[Video]

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන ගණනාවකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ සිව් වතාවක් ඉල්ලා සිටි බව දැනට සේවය අනිවාර්යය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කමිටුව හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස යෝජනා කළ ජනාධිපතිවරයා ඉන් පසු විදේශ රටක තානාපති ධුරයක් හෝ වෙනත් ඉහළ තනතුරක් ලබා දීමට ද තමන්ට පොරොන්දු වූ බව ද සදහන් කළේය.

කෙසේ නමුත් වසර ගණනාවක තම පොලිස් රාජකාරියේ කිසිදු කැළලක් ඇති කරගෙන නැති තමන් මෙම වරද තමන් පිට සහ පොලිසිය මත පටවා ගෙන ඉල්ලා අස් නොවූ බවද කියා සිටියේය.

තමන් සුගිය ඔක්තෝබර් මාසයේ සිට ආරක්ෂක කවුන්සිලයට කැඳවා නැති බවට පැවසූ පොලිස්පතිවරයා තමන් ඊට පැමිණීමට අවශ්‍ය නැති බව ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයා හරහා දැනුම් දුන් බවද පැවසීය.

ජනාධිපති ඉල්ලා අස්වෙන්න කියූ හැටිත්, ඉල්ලා අස් නොවුණු හේතුවත් පූජිත කියයි.

ජනාධිපති ඉල්ලා අස්වෙන්න කියූ හැටිත්, ඉල්ලා අස් නොවුණු හේතුවත් පූජිත කියයි.

Gepostet von Headline News am Donnerstag, 6. Juni 2019

36 views

17 Comments to “වගකීම බාරගෙන ඉල්ලා අස්වුනොත් තානාපතිකමක් දෙන බව ජනාධිපති කිවුවා.. මං බෑ කිවුවා..- පොලිස්පති රහස් සියල්ල දිගහරී..[Video]”

  1. praba says:

    මෙතුමා දැන් මෙහෙම කතා කලාට දේශපාලනය ඉදිරියට දමා අහිංසක පොලිස් නිලධාරීන්ගෙන් පළිගත්තු කෙනෙක්. පස්සෙන් පන්න පන්න නිලධාරීන්ට හරියට හිරිහැර කළා. ඒ අවස්ථාවලදී ඒ නිලධාරීන්ට ඇති වූ අසාධාරණය කියන්න කවුරුවත් හිටියෙ නැහැ. රස්සාව ආරක්ෂා කරගෙන ඒ අය මෙතුමාට බියේ හිටියා. ඒ කරපු පව් පලදිය යුතුමයි. නැතිනම් මේ බුදු දහම බොරු.

Main News