වගාවන්ට රසායන පොහොර දෙන්න තීන්දු කරයි.. වැස්සෙන් කාබනික හේදිලාලු..

November 15, 2021 at 12:40 pm | lanka C news
වගාවන්ට රසායන පොහොර දෙන්න තීන්දු කරයි.. වැස්සෙන් කාබනික හේදිලාලු..

ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් කාබනික පොහොර සේදීගිය වගාවන්ට රසායනික පොහොර ලබාදීමට රජය තීරණය කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඒ සඳහා දැනට දැනට රට තුළ ඉතිරිව ඇති රසායනික පොහොර භාවිතා කිරීමට නියමිත බවයි.

බදුල්ල බණ්ඩාරවෙල නුවරඑළිය ආදී ප්‍රදේශ වලට ඇද ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ගොවීන් ගොවිබිම්වලට පාවිච්චි කළ කාබනික පොහොර සෝදා ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද පිළිගෙන ඇතැයි සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව හදිසි ක්‍රියාමාර්ග නොගතහොත් එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යනු ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා අනතුරු අඟවා ඇත.

දැනට රට තුළ ඇති පොහොර සහ කෘෂි රසායන පිළිබඳ වාර්තාවක් සකස් කිරීමටද උපදෙස් ලබා දී ඇත.

96,600 views

15 Comments to “වගාවන්ට රසායන පොහොර දෙන්න තීන්දු කරයි.. වැස්සෙන් කාබනික හේදිලාලු..”

  1. Gamarala says:

    යකෝ සුද්ද එන්න කලින් අපි වගා කරපු හැටි පළමුවෙන් සොයා බලපල්ලා කාලකන්නි.

  2. සාන්ත උස්ගල says:

    අනේ දැන්ම රසායනික පොහොර දෙන්න එපා මේ රට විනාශ වෙනකල් තව ටික දවසකට හිටපල්ලා

  3. LalithM says:

    මේ අනාගත්ත රජු සහ ඇමතිවරු පලවාහැරීම හැර වෙන විකල්පයක් නැත. සොරකම වෘත්තීය කරගත් කණ්ඩායමක් රටකට බහුතර බලයකින් පාලකයන් ලෙස පත්කරගත් පලමු රට ලංකාව වෙන්න ඕන.

  4. Kalu Albot says:

    Mekatath Janaadhiathi Kaarya Saadaka Balakaayak path karanna .. Goviyanta Puke arinna!

Main News