වගාවන්ට රසායන පොහොර දෙන්න තීන්දු කරයි.. වැස්සෙන් කාබනික හේදිලාලු..

November 15, 2021 at 12:40 pm | lanka C news
වගාවන්ට රසායන පොහොර දෙන්න තීන්දු කරයි.. වැස්සෙන් කාබනික හේදිලාලු..

ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් කාබනික පොහොර සේදීගිය වගාවන්ට රසායනික පොහොර ලබාදීමට රජය තීරණය කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඒ සඳහා දැනට දැනට රට තුළ ඉතිරිව ඇති රසායනික පොහොර භාවිතා කිරීමට නියමිත බවයි.

බදුල්ල බණ්ඩාරවෙල නුවරඑළිය ආදී ප්‍රදේශ වලට ඇද ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ගොවීන් ගොවිබිම්වලට පාවිච්චි කළ කාබනික පොහොර සෝදා ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද පිළිගෙන ඇතැයි සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව හදිසි ක්‍රියාමාර්ග නොගතහොත් එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යනු ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා අනතුරු අඟවා ඇත.

දැනට රට තුළ ඇති පොහොර සහ කෘෂි රසායන පිළිබඳ වාර්තාවක් සකස් කිරීමටද උපදෙස් ලබා දී ඇත.

97,061 views

15 Comments to “වගාවන්ට රසායන පොහොර දෙන්න තීන්දු කරයි.. වැස්සෙන් කාබනික හේදිලාලු..”

  1. සිරිමල් උයනෙ - යාය 7 රාජන්ගනේ BOC චාමරය says:

    අද මුලු ගම්පහ සිරිමල් උයනේ හැම එකාටම මගේ ගොන්කම , කපටි කම , බලු කම දැනිල තියෙන්නේ.

  2. Love nature says:

    මුට්ටිය බේරගන්න එළුවාගේ බෙල්ල කැ පුවා වගේ වැඩක් මේ …එක වරම රසායනික පොහොර නතර නොකර ක්‍රමක් ක්‍රමයෙන් එය නතරකර කාබනික පොහොර යෙදීම කලයුතුයි …
    මේ සිදුකලේ MCC කළු තරුවේ ඇමරිකන් COMPANY වලට ගොවීන්ගේ ඉඩම් ලබාගැනීමේ උප්පරවැට්ටියක් ..ගොවින් අසීරු තත්වයට පත්වී ඔවුන්ගේ ආර්ථිකය බිදවැටෙන විට ඉඩම් විකුනනවා ..ඒ බව තේරුම් ගනිව් මිනිසුනේ

    • Saman says:

      ඇමරිකන් පුරවැසියන්ට රට බාර දීල මීට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ. ගොන් බයි හැත්ත රට කෑව.

  3. ළපයා says:

    අයියෝ ! සාන්ත ඃ .

  4. laksa69n1k says:

    mola genapu naw tika

  5. 0.00069 BIYYO says:

    මේ පොහොර ශ්‍රී ලංකාවේදී ප්‍රමිතිගත පරීක්ෂාවක් හෝ ක්ෂේත්‍ර පරීක්ෂාවට ලක්කර ඇති බවක් ද පෙනෙන්නට නොමැත. !!!

    ඒකත් එහෙනම් නිදොස් කොට නිදහස්,මහින්දානන්දයෝ… අන්න නැවක්ම තියෙනවා. උඹලත් කාලා උඹලගෙ හෙංචයියන්ටත් බෙදපල්ලා. 🤭🤭🤭
    මුට්ටිය බේරගන්න එළුවාගේ බෙල්ල කැ පුවා වගේ වැඩක් මේ …එක වරම රසායනික පොහොර නතර නොකර ක්‍රමක් ක්‍රමයෙන් එය නතරකර කාබනික පොහොර යෙදීම කලයුතුයි …
    මේ සිදුකලේ MCC කළු තරුවේ ඇමරිකන් COMPANY වලට ගොවීන්ගේ ඉඩම් ලබාගැනීමේ උප්පරවැට්ටියක් ..ගොවින් අසීරු තත්වයට පත්වී ඔවුන්ගේ ආර්ථිකය බිදවැටෙන විට ඉඩම් විකුනනවා ..ඒ බව තේරුම් ගනිව් මිනිසුනේ

  6. saman says:

    ජනාදිපති බොරුවට වකුගඩුව ගැන කියව කියව යනවා. බොරු නොකර ගොවියන්ට පොහොර ටික දෙන්න. ඩොලර් නැතිකම වකුගඩුවෙන් වහන්න එපා.

  7. Power says:

    කාටද බං මේ බොරු කරන්නෙ. බැරි වැඩ නොකරං අඹරෝ කියලා කිව්වෙ නිකං නෙමෙයි. 😂

  8. Jude perera says:

    Mu herena harena paththata katha karanawa

  9. Susantha says:

    මහින්දානන්ද අලුත්ම රසායනික විද්‍යාවක් උගන්වනවා, නයිට්‍රජන් වායුව වතුරෙ දියකරලා ප්ලාස්ටික් බෝතලේ දානවා, යූරියා කාබනික වෙලා, දැන් කබනික සංයෝග වතුරෙ දියවෙලා ගිහින්, අකාබනික ජලයේ දියවෙන්නෙ නෑලු.

  10. Sam says:

    මුන් මේ කවද රවටන්නේ 69 ලක්ෂ බයය ද? පොහොර ගන්න $$ නැති ව කාබනික වගාව පිටින් දැම්මා, දැන් එළවළු නැති වෙන්කොට පොහොර දෙනව. සහල් නැති උනාම ඒක import කරාවි

Main News