වටවල රක්ෂිතයේ ගින්නක්.. අක්කර 4 ක් විනාශයි..
January 26, 2019 at 2:07 am | lanka C news
වටවල ෆයිනස් වන වගා රක්ෂිතයක 24 රාත්‍රියේ හට ගත් ගින්නකින් අක්කර 4 පමණ රක්ෂිතයේ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.
වටවල නගරයට ආසන්නයේ වටවල දමිල මහ විද්‍යාලය අසලින රාත්‍රි 8ට පමණ මෙම ගින්න හට ගෙන තිබුණ.
රක්ෂිතයේ හට ගත් ගින්න 25 තෙක් පැවති අතර වටවල ප්‍රදේශයේ පැවති අධික සිතල සහ පිනිබර කාලගුණයත් සමග ගින්න නිවි ගොස් ඇත.
කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව වටවල පොලිසය සැකකරයි.
වටල ෆයිනස් වන වගා රක්ෂිතය හරහා වටවල නගරයට පානිය ජලය ලබා ගන්නා ස්භාවික ජල මුලාශද ගලා බසින අතර, රක්ෂිතයට ගිනි තැබිම තුලින් එම ජල මුලශද හිදි යාමේ අවධානමක් පවති.
– හැටන් රංජිත් රාජපක්ෂ