වත්තට වැටුනු බෝලය ගන්න ආ සිසුවාට දොස්තර වෙඩි තබයි..
November 23, 2020 at 12:00 pm | lanka C news
වෛද්‍යවරයකුගේ ගෙවත්තකට වැටුණු පන්දුවක් රැගෙන යාමට පැමිණි සිසුවෙකුට එම වෛද්‍යවරයා විසින් වායු රයිෆලයකින් වෙඩි තබා තිබේ.
ඒ හේතුවෙන් සිසුවා තුවාල ලබා රෝහල් ගත කර ඇත.
පොලිසිය සඳහන් කරන්නේ පන්නිපිටිය ඇරැව්වල ධර්මපාල විදුහලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි සිසුවකුට මෙම සිදුවීම සිදුවී සිදුව ඇති බවයි.
අදාළ වෛද්‍යවරයා මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරන අයෙකු වන අතර දැනට අත්අඩංගුවට ගෙන ඇත.
රෝහල් ගත කර ඇති සිසුවාගේ තත්වය බරපතල නොවේ.
මේකෙ විස්තර අනුව නන් දොස්තර අනිවාරෙන් වැරදියි.
ඒත් සමහර ඉහල පංතිවල ළමයි ඉතා පහත් හැසිරීම් සහිතයි. මේක පිටුපස එහෙම දෙයක් තියනවද කියන්න අපි දන්නෙ නෑ.. තරුණ කෙසේ වෙතත් මැදි වයසෙ ගුරුවරියන්ට පවා අමනා වැඩ කරල ළමයි බහුලයි.. විනයෙන් අන්තිමයි.. එවැනි කතාවක් මේක පිටිපස්සෙ තියනව වෙන්න පුලුවන්…
මත්පැන්වල රගේ තවත් ලැජ්ජා නැතුව බීපල්ලා කාලකන්නි.
ඔන්න පාසල් දරුවන්ගේ හපන්කම එලියට ඇවිල්ලා .”හැමදාම බෝල ඒවා තාප්පය උඩින් පනිනවා .බෝලය ඉල්ලා නොදී හිටියාම ඩොන් ඩොන් ගාලා වහලෙට ගල් ගැහුවා .මිනිසුන්ටත් හැමදාම ඉවසන්න බෑ තරහා යනවා නේද ?” අසල්වැසියෙක් රුපවාහිනි නාලිකාවකට ප්‍රකාශ කරනු දුටුවෙමි .
පාසල් නිසා රටේ සාමාන්‍ය ජනතාවට සිදුවන හිරිහැර නැවත්වීමට රජය වහාම මහජන පිඩා වැරදි ගැන .සමාජයට හිරිහැර නොවී පාසල් කටයුතු පවත්වාගෙන යාම ගැන ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට වැඩමුළුවක් පවත්වා චක්‍රලේකනයක් නිකුත්කළ යුතුයි .පාසල් රටේ පොදු නීතියට ගරුකළ යුතුයි .
මේවා ළමා කාලය අමතක අය නිසා වෙන දේවල් යනුවෙන් කියනා මෝඩ මිනිසුන්ද මෙවැනි වැරදි වලට අනියමින් වගකිවයුතුයි
පාසල් නිසා රටේ සාමාන්‍ය ජනතාවට සිදුවන හිරිහැර,,,මේ ප්‍රකාශය ලියන්නෙත් ඔබ පාසලකට ගිය නිසයි.ඔබ කොහොමද පාසල් නිසා රටේ සාමාන්‍ය ජනතාවට හිරිහැර සිදුවනවයි කියන්නෙ?අපිට ඔබ ගැන පුදුමයි.
දඩයම්කාරයෙක් දොස්තර විභාග පාස්වුනාම ඔහොම තමායි අරේ ගති නැරේ
දොස්තරගෙ ගෙදරට වාහනේට ගල් ගහපු කොල්ලො හරීම අහිංසකයිනෙ !!. හිපාටු කොල්ලන්ට බෝල ඇහිඳ ඇහිඳ දී දී ඉන්නවාට වඩා ගෙවල් වල් වැඩ තියෙනව. කොල්ලන්ගේ මැර කම වැරැද්දක් බව ඒ ලම්යින්ට වටහා දීම එයාලගෙ ජීවිතයට හොඳයි. නැත්තං කවදා හෝ සමාජයට ලැබෙන්නේ තවත් කුඩුකාර මැරයෙක් විතරයි .
අපේක්ෂා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු මෙලෙස ආවේගකාරීව හැසිරීම පිළිබඳව ඒ රෝහලේ වෛද්‍ය අධ්යක්ෂ තුමාත් කණගාටුව ප්‍රකාශ කරල තිබුන.එතුමාට ඒක තේරුණේ එතුමා උගත් බුද්ධිමත් ගරු මහත්මයෙක් නිසයි.ඒත් ඔයාල වගේ අයට කොහොමද ඒක තේරුම් කරල දෙන්නෙ.
ප්‍රශ්ණය තමාගේ නොවනතුරු පිළිතුරු දාර්ශණිකයි….
Everybody needs to respect to the country law in order……………. if not pit for the purpose need to adjust from the parliment…….