වත්මන් ආරක්‍ෂක ලේකම් වැඩ කරන්නේ ගෝටාභය වගේමයි.. වහා ධුරයෙන් ඉවත් කල යුතුයි..

November 22, 2016 at 9:20 am | lanka C news
වත්මන් ආරක්‍ෂක ලේකම් වැඩ කරන්නේ ගෝටාභය වගේමයි.. වහා ධුරයෙන් ඉවත් කල යුතුයි..

වත්මන් ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි එම ධුරයෙන් වහාම ඉවත් කල යුතු යයි සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විඡේසූරිය මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

කරුණාසේන හෙට්ටිආරච්චි වත්මන් ලේකම්වරයාද කටයුතු කරමින් සිටින්නේ ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්ගේ ඔළුවෙන් බවද කී ඔහු ගෝඨාභයට උවමනා පරිදි කටයුතු කිරීම යහපාලනයට සුදුසු නැති බවද පැවසීය.

බලවත් චරිතයක් වන ආරක්‍ෂක ලේකම්වරයා ධුරයේ බලයෙන් ගජමිතුරන්ට සැලකීම ඉතා අශීලාචාර ක්‍රියාවක්‌ බවද සදහන් කලේය.

තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනටද දන්වා ඇතැයිද ඔහු වැඩිදුරටත් එහිදී සදහන් කලේය.

මින් පෙරද අවස්ථාවක හමුදා බුද්ධි ප‍්‍රධානියා ඉවත් කල යුතුයයි මහාචාර්ය සරත් විඡේසූරිය මහතා ප‍්‍රසිද්ධියේ කියා සිටි අතර ඉන් දින කිහිපයකට පසු ඔහු ධුරයෙන් ඉවත් කෙරින.

156 views
Main News