‘වත්මන් මහ බැංකු අධිපති කුමාරස්වාමි විනිමය වංචා කල රාජරත්නම් ගේ ගෝලයෙක්..’- තමන්ගේ රෙදි හැලුනු රවි හැමෝගෙම රෙදි ලිහයි..

August 3, 2017 at 10:40 am | lanka C news
‘වත්මන් මහ බැංකු අධිපති කුමාරස්වාමි විනිමය වංචා කල රාජරත්නම් ගේ ගෝලයෙක්..’- තමන්ගේ රෙදි හැලුනු රවි හැමෝගෙම රෙදි ලිහයි..

“මට විරුද්ධ පක්ෂයේ සිටියදිත් පහර දුන්නා, දැන් ආණ්ඩු පක්ෂයේ සිටියදි නිතිපති දෙපාර්තමේන්තුව පහර දෙනවා,ඒ කාලයේ විදේශ විනිමය උපයා ගත්තා කියලා මට නඩුවක් දාලා අවුරුදු 10 ක් මම නඩු කිව්වා,අන්තිමේදී මම නිදහස් වුනා,ඒ සම්බන්ධ රාජ් රාජ්රත්නම් ලග වැඩකරපු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි මා යටතේ මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කරනවා” යයි බැදුම්කර ජනාධිපති කොමිසම ඉදිරියේදී ඊයේ සාක්ෂි දෙමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පැවසු බව අද ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.

ඒ අනුව පැහැදිලි වනුයේ ඇමරිකාවේ කොටස් වෙළෙඳපොළ සම්බන්ධව සිර ගතව සිටින් මූල්‍ය වංචාකරුවකු මෙන්ම එල්ටිටි කොටි හිතවාදීකකු වන රාජ් රාජරත්නම් ලග වර්තමාන මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි සේවය කොට ඇති බවකි.

මහ බැංකුවේ බැදුම්කර වංචාවට සම්බන්ධ හිටපු මහා බැංකුවේ අධිපත් අර්ජුන මහේන්ද්‍රන් යහපාලන ආණ්ඩුවේ මහා බැංකුවේ අධිපති ලෙස පත් කලේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම වර්තමාන මහා බැංකුවේ අධිපති ඇමරිකාවේ කොටස් වෙළෙඳපොළ වංචාවක් සම්බන්ධව දැනට සිර ගතව සිටින් මූල්‍ය වංචාකරුවකු මෙන්ම එල්ටිටි කොටි හිතවාදී වන රාජ් රාජරත්නම් ලගම හිත්වතෙකු මෙන්ම ඔහු ලග සේවය කල වර්තමාන මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි මහා බැංකුවේ අධිපති ලෙස පත්කොට ඇත්තේ ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ය.

623 views
Main News