වතුකම්කරැ 1000 වැඩිවීම සිදු නොකලහොත් විදුලිබිල ගෙවීමටත් නොහැකියි..

December 17, 2019 at 2:02 am | lanka C news
වතුකම්කරැ 1000 වැඩිවීම සිදු නොකලහොත් විදුලිබිල ගෙවීමටත් නොහැකියි..

පහතරට වතු කම්කරුවන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රජය වතුකම්කරැවන්ට පොරොන්දු වූ රැපියල් 1000 පඩිවීම ඉක්මනින් සිදු නොකලහොත් 2020 ජනවාරි මස විදුලිබිල ගෙවීමට නොහැකියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේදී වතු කම්කරුවන්ට පොරොන්දු වූයේ වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1000 ක්  දක්වා වැඩිකරන බවය. එම පොරොන්දුව මේවන විට ඉටුකර නැත.

කෙසේවෙතත් ජනාධිපතිවරණයට පසුව අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල සීඝුයෙන් වැඩි වී ඇත. එම නිසා වතුකම්කරුවන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවී ඇත.

විශේෂයෙන්ම දෙමළ වතු කම්කරුවන් ජනවාරි මස සිය ප්‍රධාන උත්සවයක් වන තෛපොංගල් උත්සවය සමරන නිසා ඔවුන්ට ජනවාරි මස හා පෙබරවාරි මස ජීවත්වීමට අසීරුවේ මේ නිසා රජය  පොරොන්දු වූ පරිදි වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම ඉක්මනින්ම කරන ලෙස අප ඉල්ලා සිටින අතර එසේ නොකලහොත් වතු කම්කරුවන්ට ජනවාරි විදුලි බිල ගෙවීමට නොහැකි වන බව දන්වා සිටිමු.

රුවන් ගාල්ල‌ෙග්
සභාපති

 

3,504 Viewers
Main News