වතුකරයම ඇවිලේ.. පාරවල් වසා විරෝධතා…

October 19, 2018 at 12:40 pm | lanka C news
වතුකරයම ඇවිලේ.. පාරවල් වසා විරෝධතා…

තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස බලකරමින් නොර්වුඩ් ප්‍රදේශයේ වතු කිහිපයක වතු කම්කරුවන් නොර්වුඩ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ අයර්බි මංසන්ධියට පිවිස අද (19) උදැසන උද්ඝෝෂන පැවැත් වුවා.

ප්‍රධාන මාර්ගයට පිවිසි වතු කම්කරුවන් කළු කොඩි ඔසවමින් වතු සමාගම්වලට එරෙහිව සිය විරෝධය දක්වනු ලැබුවා.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර ඉකුත් වෙනිදා (15) පැවති සාකච්ඡවත් එකගතාවයකින් තොරව අවසන් වි තිබුණි.

වතු කම්කරුවන්ට දැනට දිනකට ගෙවන මුලික වැටුප රු 530 සිට රු 600 දක්වා වැඩි කර සියළුම දිමනා සමග වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රු 940 දක්වා වැඩි කිරිමට අවසන්වරට පැවති සාකච්ඡාවේදි වතු හාම්පුතුන්ගේ සංගමය වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් වතු එකාබද්ධ වෘත්තිය සමිති වතු හාම්පුතුන්ගේ සංගමයට අවධාරණය කර ඇත්තේ වතු කම්කරුවෙකුගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසත් එසේ වැඩි නොකල හොත් වතුකරය පුරා දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.

වතු අධිකාරිවරුන් අවධාරණය කර සිටින්නේ ලෝක වෙළදපොලේ ශ්‍රි ලංකාවේ තේ වලට පවතින අභියෝගත් කේ කිලෝවක් නිෂ්පාදනයට වැයවන පිරිවරයත් හමුවේ වතුකම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට නොහැති බවයි.

වතුකම්කරුන්ගේ මුලික ඔවුන් ඉල්ලන පරිදි වැඩිකල හොත් තේ වතු සමාගම් කඩා වැටි වතු කම්කරුවන්ගේ රැකියාවලටද දැඩි අවධානමක් මතු වන බවත්,දිනපතා වතු කම්කරුවන් පැය දෙකකට ආසන්න කාලයක් වෘථ්තිය සමිති ක්‍රියාමාර්ගල නියැලි සේවයට වාර්තා කිරිම නිසා තේ වතු සමාගම් තවත් පාඩු ලබන බවද වතු අධිකාරිවරුන් පවසා සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ

92 views

3 Comments to “වතුකරයම ඇවිලේ.. පාරවල් වසා විරෝධතා…”

  1. Love nature says:

    යන්ත්‍ර මාර්ගයෙන් තේ දලු කැපීම පටන් ගත යුතුය වැඩියක්ම පිරිසුදු බාවය සදහා

  2. LION says:

    Send all these state Tamils back to Tamil nadu ..NO need to keep them in our Country

    • ගිරවා says:

      පබයෙක් රජ වෙලා තේ වතුවල සක්කිලි දෙමෙල්ලුත් දැන් බලේ පෙන්වනවා ..අහෝ රටකට සිදුවූ විනාශයක්

Main News