වතුකරයම ගිනියම් වේ.. පාරවල් වසා විරෝධතා.. තැන තැන පඹයන් පුළුස්සති..

October 17, 2018 at 4:40 pm | lanka C news
වතුකරයම ගිනියම් වේ.. පාරවල් වසා විරෝධතා.. තැන තැන පඹයන් පුළුස්සති..

තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස බලකරමින් වතුකරයේ ස්ථාන කිහිපයකම වතු කම්කරුවන් ප්‍රධාන මාර්වලට පිවිස අද (17) උදැසන උද්ඝෝෂන පැවැත් වුහ.

හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ලෙදන්ටි මංසන්ධියේ ප්‍රධාන මාර්ගය හරස් කරමින් වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වු අතර, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල සහ වටවල කැරොලයිනා  යන   ප්‍රදේශවල වතු කම්කරුවන්ද වෙන් වෙන් වශයෙන් ප්‍රධාන මාර්ගවලට පිවිස කළු කොඩි ඔසවමින් වතු සමාගම් අයිතිරුවන්ගේ පඹයන් සදා එය පුළුස්සමින් සිය විරෝධය දක්වනු ලැබුහ.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර ඉකුත් වෙනිදා (15) පැවති සාකච්ඡවත් එකගතාවයකින් තොරව අවසන් වි තිබුණි.

වතු කම්කරුවන්ට දැනට දිනකට ගෙවන මුලික වැටුප රු 530 සිට රු 600 දක්වා වැඩි කර සියළුම  දිමනා සමග වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රු 940 දක්වා වැඩි කිරිමට අවසන්වරට පැවති සාකච්ඡාවේදි වතු හාම්පුතුන්ගේ සංගමය වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් වතු එකාබද්ධ වෘත්තිය සමිති වතු හාම්පුතුන්ගේ සංගමයට අවධාරණය කර ඇත්තේ වතු කම්කරුවෙකුගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසත් එසේ වැඩි නොකල හොත් වතුකරය පුරා දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.

වතු අධිකාරිවරුන් අවධාරණය කර සිටින්නේ ලෝක වෙළදපොලේ ශ්‍රි ලංකාවේ තේ වලට පවතින අභියෝගත් කේ කිලෝවක් නිෂ්පාදනයට වැයවන පිරිවරයත් හමුවේ වතුකම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කිරිමට නොහැති බවයි.

වතුකම්කරුන්ගේ මුලික ඔවුන් ඉල්ලන පරිදි  වැඩිකල හොත්  තේ වතු සමාගම්  කඩා වැටි වතු කම්කරුවන්ගේ රැකියාවලටද දැඩි අවධානමක් මතු වන බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

18 views