වතුකරයේ අදත් විරෝධතා.. වාහන ගමනාගමනය නවතී..

February 7, 2019 at 12:40 pm | lanka C news
වතුකරයේ අදත් විරෝධතා.. වාහන ගමනාගමනය නවතී..

හැටන් ෆොඩයිස් හරහා ඩයගම දක්වා වු ප්‍රධාන මාර්ගය අවහිර කරමින් වතු කම්කරුවන් පිරිසක් අද (07) උදැසන සිදු කල උද්ඝොෂනයක් හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය දෙකකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.

තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස හෝ තමන්ට වැඩි කල රු 700 මුලික වැටුපට තමන්ට මිට ඉහත ගෙවු රු 140 ප්‍රසාද දිමනාව ලබාදෙන ලෙස වතු සමාගම්වලට බල කරමින් හැටන් ෆොඩයිස් වතුයායේ වතු කම්කරුවන පිරිසක් උද්ඝෝෂනය සිදු කලහ.

හැටන් ෆොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ ෆොඩයිස් වතු යායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපට ප්‍රධාන මාර්ගය අවහිර කරමිනුයි වතු කම්කරුවන් උද්ඝෝෂණයේ නියැලි සිටියහ.

උද්ඝෝෂනයේ නියැලි වතු කම්කරුවන් කියා සිටියේ රු 1000 ක මුලික වැටුපක් තමන්ට ලබාදෙන බව වතුකරයේ දේශපාඥයින් තමන්ට පොරොන්දු වි තමන්ව මුලා කර රු 700 ක මුලික වැටුපක් ලබා දිමට කටයුතු කර අදාල අවබෝධතා ගිවිසුම වතුහාම්පුතුන්ගේ සංගමය සමග අත්සන් කර ඇති බවයි.

පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් උදැසන 10 ට විරෝධතාවය අවසන් කර තේ දළු නෙලිමේ කටයුතුවලට වාර්තා කර  කලහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

27 views

One Comment to “වතුකරයේ අදත් විරෝධතා.. වාහන ගමනාගමනය නවතී..”

  1. john the baptice says:

    මේ සෙල්ලම් ඉන්දියාවේ අසාම් තේ වතුවල දැම්මනම් මේ අයට රැකියාවත් නැහැ

Main News