වතුකරයේ අහඹු පරීක්‍ෂාවකින් 10කට කොරෝනා..

January 2, 2021 at 8:40 am | lanka C news
වතුකරයේ අහඹු පරීක්‍ෂාවකින් 10කට කොරෝනා..

බස්නාහිර පලාතේ සිට වතුකරයට පැමිණ සිටි පිරිසකගෙන් අහඹු ලෙස සිදු කල පි.සි.ආර් පරික්ෂණ අනුව දස දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (31) දින තහවුරු වු බව ලිදුල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වෛද්‍යය ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

තලවකැලේ , ලිදුල , ආගරපතන , ඩයගම යන පොලිස් බල ප්‍රදේශවල බස්නාහිර පලාතේ සිට පැමිණි 250 දෙනෙකු පමණ අහඹු ලෙස පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කල බවත්, එම පිරිස අතරින් කාන්තාවන් හය දෙනෙකු සහ පිරිම් පුද්ගලයින් 4 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (31) දින තහවුරු වු බවයි සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු දස දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවද සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

2,744 views

One Comment to “වතුකරයේ අහඹු පරීක්‍ෂාවකින් 10කට කොරෝනා..”

  1. Love nature says:

    මත් පැන්වල රගේ තවත් තැබෑරුම් ඇරපල්ලා කාලකන්නි.

Main News