වතුකරයේ ආරක්ෂාව තර කරයි..

May 5, 2019 at 2:08 am | lanka C news
වතුකරයේ ආරක්ෂාව තර කරයි..

ඉකුත් පාස්කු ඉරුදින (21) මෙ  රට තුල සිදු වු ත්‍රස්තවාදි ප්‍රහාරයත් සමග අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි වතුකරයේ ජනතාවගේ සහ පොදු දේපල ආරක්ෂා කිරිමට විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක් දියත් කර ඇති බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම   ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.

ආරුමුගන් තොණ්ඩමන් මහතා එ බැව් කියා සිටියේ හැටන් කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණයේ සහ අවට තිබෙන තේ වතුවල සහ පොදු දේපල ආරක්ෂා කිරිම සම්බන්ධයෙන් හැටන් කොටගල සංස්කෘතික ශාලාවේ පැවති විශේෂ  සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ආරුමුගන් තොණ්ඩමන් මහතා කියා සිටියේ යුධ හමුදාව,පොලිසිය , පොලිස් විශේෂ කාර්යය බලකාය එක් ව දියත් කර ඇති ආරක්ෂිත වැඩ පිලිවෙලට වතුකරයේ ජනතාවගේ පුර්ණ සහයෝගය එම ආරක්ෂක අංශ වෙත ලබා දිය යුතු බවයි.

වතුකරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මහජනතාව විසින්  තොණ්ඩමන් මහතාගේ අවධානයට යොමු කල විශේෂ කරුණු කිහිපයක් කෙරෙහිද ආරක්ෂක අංශ දැඩි අවධානය යොමු කල අතර, වතුකරයේ පාසල් ආරක්ෂා කර ගැනිමටද විශේෂ වැඩ පිලිවෙලක් දියත් කරන බව තොණ්ඩමන් මහතා කියා සිටියේය.

මෙම සාකච්ඡාවට කොටගල ප්‍රදේශවාසින් විශාල පිරිසක් , පොලිස් විශේෂ කාර්යය බලකායේ මධ්‍යම පලාත භාර අණදෙන නිලධාරි රෝහණ ලියනගේ  මහතා ඇතුළු පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් , දිඹුල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු ආරක්ෂක අංශ නිලධාරින් රැසක් සහභාගි වි සිටියහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,272 Viewers
Main News