වතුකරයේ කම්කරුවෝ ප්‍රධාන මර්ග අවහිර කරමින් අදත් විරෝධතා.. වාහන ගමනා ගමනය පැය ගණනාවක් ඇණ හිටි..
February 5, 2019 at 6:48 pm | lanka C news
තම මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස හෝ වැටුප් වැඩි කිරිමේදි අහිමි කල රු 140 ක ප්‍රසාද දිමනාව ලබාදෙන ලෙස ඉල්ලා වතු කම්කරුවන් අදත් (05) ස්ථාන කිහිපයක ප්‍රධාන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂනවල නිරත වුහ.
බගවන්තතලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව වත්ත ප්‍රදේශයෙන් අද උදැසන 9 සිට මධ්‍යහන 12 දක්වා පැය තුනක කාලයක් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂනයක නිරත විම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බධා පැමිණ තිබුණි.
තලවකැලේ ලිදුල ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් ලිදුල නගර මධ්‍යයෙන් පෙව 11.30 සිට 12 දක්වා විනාඩි 30 කාලයක් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගය හැටන් තලවකැලේ ඩයගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂනයක නිරත විය.
මස්කෙලිය කුවින්ස්බෙරි වතුයායේ වතු කම්කරුවන් පිරිසක් එම වතුයායේ වතු අධිකාරිවරයාගේ නිල නිවස අසල උද්ඝෝෂනයක්ද අද සිදු කලහ.
ප්‍රදේශ රැසකම උද්ඝෝෂනයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ තමන්ට රු 1000 මුලික වැටුපක් හෝ අහිමි වු රු 140 ප්‍රසාද දිමනාව වතු සමාගම් වෙතින් ලබා දිමට කටයුතු කල යුතු බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
කෝ දැන් පොලිසියේ වතුර පයිප්ප කදුලු ගැස්
Those are reserved for the Uni students.
Has Digambaran, Mano Ganeshan resigned from yahapalanaya?
ලගදීම කදුරටේ ඊළම ඉල්ලා විදි බසිවී ..බලාගෙන හිටපල්ලා මිනිසුනේ ..අපේ සිංහලයන්ගේ උරුමය කොල්ලාකමින් දැන් මුළු වතුකරයේම තේවතු දෙමළ කොලනි …මේ සේරම ජාතිවාදී දේශපාලකයන්ගේ වැඩ …දිගම්බරන් ,ගනේෂන් හදන්නේ කදුරටම පාලනය කරන්න ලජ්ජයි සිහලුනේ ලැජ්ජයි
උබලගේ ඇස් ගෙඩිවලට හෙන ගහලද උඩරට සිහලුනේ