වතුකරයේ ජනතාව දිනකට එක වේලයි…

September 17, 2022 at 5:30 pm | lanka C news
වතුකරයේ ජනතාව දිනකට එක වේලයි…

රටේ ජිවන වියදම ඉහල යාම හමුවේ තම ආර්ථික තත්ත්වය මත දවසේ වේල් තුනෙන් එක් වේලක් පමණක් ආහාර ගැනිමට සිදු වි ඇති බව වතුකරයේ ජනතාව පවසයි.

තිරිගු පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහල යාම නිසා තම ආදායම් තත්ත්වය ඉතා පහල වැටි ඇති බවත්, ලැබෙන ආදායමෙන් තම දරුවන්ට දවසේ එක් වේලක් හෝ ආහාර ලබා දි තමන්ට කුසගින්නේ සිටිමට සිදු වි ඇති බවයි වතුකරයේ ජනතාව පවසන්නේ.

පවත්නා තත්ත්වය මත චව් සහ විවිධ අල වර්ග ආහාරයට ගෙන තම කුසගින්න නිවා ගැනිමට සිදු වි ඇති බවත්, පවසන වතුකම්කරුවන් වැඩිදුරටත් කියා සිටින්නේ තම ආදායම් තත්ත්වය ඉහල දමා ජිවන වියදම අඩු කරන ලෙසයි.

– රංජිත් රාජපක්ෂ

5,320 views

2 Comments to “වතුකරයේ ජනතාව දිනකට එක වේලයි…”

  1. ඩීල් දාස says:

    ඉතුරු වේල් දෙක කන්නේ ජීවත්…..

  2. දරපාන් says:

    ඇත්ත තමයි. රුපියල් 500ක් 600ක් වගේ පොඩි ගානක පඩියක් අරගෙන කොහොමද තුන්වේලක් කන්නේ.

Main News