හැටන් ලොක්ඩවුන්.. වතුකරයේ ප්‍රධාන නගර සියල්ල වසා දමයි…

October 27, 2020 at 10:00 am | lanka C news
හැටන් ලොක්ඩවුන්.. වතුකරයේ ප්‍රධාන නගර සියල්ල වසා දමයි…

හැටන් ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් දස දෙනෙකු (27) දින උදැසන හදුනාගැනිමත් සමග හැටන් ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කිරිමට යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පියවර ගෙන ඇත.

යුධ හමුදාපතිවරයාගේ උපදෙස් මත හැටන් නගරයට පැමිණ සිටි ජනතාව ඉවත් කිරිමටත් , විවෘත කර තිබු පෞද්ගලික කාර්යයාල සහ  ආයතන වසා දැමිමටත් හැටන් පොලිසිය විසින් පියවර ගනු ලැබුහ.

හැටන් නගරයේ (27) දින උදැසන සිට වෙලදසැල් වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා කටයුතු කර තිබුණි.

හැටන් නගරයේ ගාල් කර තිබු සියළුම වාහන ඉවත් කිරිමට හැටන් පොලිසිය කටයුතු කර ඇත.

පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලේ මත්ස්‍යයින් රැගෙනවිත් හැටන් නගරයේ අලෙවි කල ව්‍යාපාරිකයෙකුට ප්‍රථමයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය විමෙන් පසු එම ව්‍යාපාරිකයාව පොලොන්නරුව මනම්පිටිය ගල්ලැල්ල  නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කර ඔහුන්ගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට සෞඛ්‍යය අංශ පියවර ගෙන තිබුණි.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු මත්ස්‍යය ව්‍යාපාරිකයාගේ ආශ්‍රිතයින් 30 දෙනෙකු පමණ පි.සි.ආර් පරික්ෂණයට යොමු කල අතර ඉන් දස දෙනෙකු (27) දින වන විට අසාදිතයන් බවට තහවුරු වි ඇත.

එම අසාදිතයන් දසදෙනාගේ පවුලේ සමාජිකයන් ඇතුළු 200 දෙනෙකු ඔහුන්ගේ නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

කොවිඩ් 19 වෛසරය අසාදනය වු රොගින් නිරෝධාන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත.

හැටන් නගරයේ වෙලදසැල් වසා දැමිමට සමගාමිව කොටගල , බගවන්තලාව, නොර්වුඩ් යන නගරද (27) දින වසා දැමිමට එම නගර වල වෙලද සංගම් තිරණය කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

30,920 views

2 Comments to “හැටන් ලොක්ඩවුන්.. වතුකරයේ ප්‍රධාන නගර සියල්ල වසා දමයි…”

  1. Sanka says:

    තවමත් කෝවිඩ් 19 සමාජයේ පැතිරෙන බවට අපිට කිසිම සාක්ෂියක් නෑ. ලෝකයේ කිසිම රටක නැති විදිහියට අපි මේක පාලනය කරලා තියෙන්නේ.

    කිසිම රටක අපි වගේ ක්‍රමවේද අනුගමනය කරලා නෑ

    මිත්‍රවරැනි අපි පම්පෝරි ගහන්ඩ හරිම දක්ෂ ජාතියක්. අපි ඔකකෝම කරන්නේ ලෝකේ අනිත් උන්ව මවිත කරන්න.

Main News