වතුකරයේ ප්‍රධාන පාසල් දැඩි පරික්ෂාවකට ලක් කෙරේ….

May 5, 2019 at 6:48 pm | lanka C news
වතුකරයේ ප්‍රධාන පාසල් දැඩි පරික්ෂාවකට ලක් කෙරේ….

පාස්කු ඉරුදින (21) එල්ල වු ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් පසු දෙවන පාසල් වාරය ආරම්භ කිරිම සදහා වතුකරයේ ප්‍රධාන පාසල් හැටන්  පොලිසියේ නිලධරින් විසින් අද (05) දැඩි පරික්ෂාවට ලක් කරනු ලැබුනි.

අධ්‍යාපන අමාත්‍යංශයේ ඉල්ලිමක් පරිදි ආරක්ෂක අංශ එම පාසල් වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමාපියන්ගේ සහ ආදි සිසුන්ගේද සහයෝගය මත මෙම පරික්ෂාව සිදු කරනු ලැබුහ.

සැම ප්‍රධාන පාසලකටම ආරක්ෂාව උදෙසා එක් පොලිස් නිලධාරියෙකු පාසල් කාලය තුල රාජකාරියේ යෙදවිමට පොලිස් දෙපාර්තුමේන්තුව කටයුතු කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

18 views
Main News