වතුකරයේ යාඥාවකට ඉන්දියාවෙන් දේව ගැතිවරයෙක් ඇවිත්.. පල්ලිය හා පවුල් ගණනක් නිරෝධායනයේ..

April 2, 2020 at 4:40 pm | lanka C news
වතුකරයේ යාඥාවකට ඉන්දියාවෙන් දේව ගැතිවරයෙක් ඇවිත්.. පල්ලිය හා පවුල් ගණනක් නිරෝධායනයේ..

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන හැටන් පොඩයිස් වතුයායේ පවුල් පහකට අයත් සමාජිකයන් 20 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරිමට බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් (02) දින කටයුතු කෙරිණ.

එම වතුයායේ යාඥා මධ්‍යස්ථානයකට ඉන්දියාවේ සිට තවත් දේව ගැතිවරයෙක් ඉකුත් මස 11 දින පැමිණ එහි දින කිහිපයක් නතර වි එම වතුයායේ පිරිසක් එක් කර ගනිමින් යාඥාවන් පවත්වා ඇති බවට සෞඛ්‍යය අංශ විසින් තහවුරු කර ගැනිමෙන් අනතුරුවයි මෙම පවුල් පහට අයත් සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කලේ.

එම වතුයායේ සහ එ අවට වතු කිහිපයකම තවත් පිරිසක් එම වතුයායේ යාඥා මධ්‍යස්ථානයේ පැවැත් වු යාඥා මධ්‍යස්ථානයන්ට සහභාගි වි ඇති වි ඇති බවට සෞඛ්‍යය අංශ වෙතට තොරතුරු ලැබි ඇති බවත්, එම තොරතුරු අනාවරණය කර ගැනිමෙන් අනතුරුව එම පිරිස හදුනාගෙන ඔහුන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කරන බව බගවන්තලාව ප්‍රාදේශිය සෞඛ්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ    

128 views

19 Comments to “වතුකරයේ යාඥාවකට ඉන්දියාවෙන් දේව ගැතිවරයෙක් ඇවිත්.. පල්ලිය හා පවුල් ගණනක් නිරෝධායනයේ..”

  1. John smith says:

    These religious visitors on toursist visa should not be allowed any longer. President should be serious about matters of this nature in view future repercussions.

  2. HERATH says:

    කොරෝනා දෑවැද්ද රැගෙන එන මිත්‍යා ද්‍රෂ්ඨිකයින් පලවා හරිමු. මෝඩ මිනිසුනේ,මේ අමනයින්ට කිසිවක් කල නොහැකි බව දැන්වත් වටහා ගනිල්ලා.

  3. Sam n says:

    Why not government ban all religions ceremonies and services. Get the strong action s and penalties please.

  4. අක්බාර් ලොක්කා says:

    මේ දිනවල ස්වර්ගයේ ගෘහ සේවකයන්ගේ සහ කසල ශෝධකයන්ගේ පුරප්පාඩු රාශියක් ඇතිවී ඇති බව සිතිය හැක. දෙවියන්ට අවශ්‍යව ඇත්තේ තමන්ගේ අනුගාමිකයන්ගෙන් පමණක් ඒ පුරප්පාඩු පුරවා ගැනීමට බව පෙනේ .

Main News