වතුකරය පුරා උද්ඝෝෂන.. වෙලදසැල් වසා හර්තාල්..

November 25, 2018 at 12:40 pm | lanka C news
වතුකරය පුරා උද්ඝෝෂන.. වෙලදසැල් වසා හර්තාල්..

වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලකරමින්  වතුකරය පුරා උද්ඝෝෂන ව්‍යාපාරයක් පැවැත්විමට කටයුතු කර ඇති බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසිය.

මෙම උද්ඝෝෂනය හෙට(26) දින වතුකරය පුරා පැවැත්විමටත් එම වතුවල වතුකම්කරුවන් ප්‍රධාන මාර්ගවලට පිවිස උදැසන 10 සිට පස්වරු 1 දක්වා උද්ඝොෂන වල නිරත විමටයි  සැලසම් කර ඇත්තේ.

වතුකම්කරුවන්ගේ උද්ඝෝෂවලට සහයෝගය දැක්විම පිණිස හෙට උදැසන 10 පස්වරු 1 දක්වා පැය 3 ක කාලයක් වතුකරයේ සියළුම ප්‍රධාන නගර වල වෙළදසැල් වසා  දැමිමට ව්‍යාපාරිකයන් කැමැත්ත පල කර ඇත.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු එකාබද්ධ වෘත්තිය සමිති වතු හම්පුතුන්ගේ සංගමය සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරින් අවසන් වරට පසුගිය දා මුදල් අමාත්‍යංශයේදි සාකච්ඡා පවත්වා ඇති අතර,එම සාකච්ඡාවේදි වතු හාම්පුතුන්ගේ සංගමය යෝජනා කර ඇත්තේ වතු කම්කරුවෙකුට දැනට ගෙවන රු 530 මුලික වැටුප රු 600 දක්වා වැඩි කර සියළුම දිමනා සහිතව වතු කම්කරුවෙකුගේ දිනක  වැටුප රු 1000 ආසන්නව ලබා දිය හැකි බවයි.

එම  යෝජනාව වතු එකාබද්ධ වෘත්තිය සමිති ප්‍රතික්ෂේප කරමින් වතු හාම්පුතුන්ගේ සංගමයට යෝජනා කර ඇත්තේ වතු කම්කරුවෙකුගේ දිනක මුලික වැටුප රු  1000 දක්වා වැඩි කල යුතු බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

58 views

One Comment to “වතුකරය පුරා උද්ඝෝෂන.. වෙලදසැල් වසා හර්තාල්..”

  1. ගරසරප says:

    මේක ආන්ඩු පෙරලෙන කාරනයක් වෙයිද ?

Main News