වතුකරය පුරා වැඩ වර්ජනයක් දියත් කලා..- ඇමති තොන්ඩමණ්

November 26, 2018 at 6:48 pm | lanka C news
වතුකරය පුරා වැඩ වර්ජනයක් දියත් කලා..- ඇමති තොන්ඩමණ්

වතු කම්කරුවනගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් වතුකරය පුරා අද (26) වැඩ වර්ජනයක් දියත් කරමින්  වතුකරයේ සියළුම වෙළදසැල් වසා විරෝධය දැක්විමට කටයුතු කල බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ අමාත්‍යය ආරුමුගන් තොන්ඩමණ් මහතා පැවසිය.

ආරුමුගන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ වතු කම්කරුවන් අද දින දියත් කර ඇති වැඩ වර්ජනය සහ උද්ඝෝෂන වලට සහය දැක්විම පිණිස හැටන් නගරයේ වෙළදසැල් වසා එම ව්‍යාපාරිකයන් හැටන් නගර මධ්‍යයේ සාමකාමි උද්ඝෝෂනයක නිරත වි සිටියදි ඔහුන්ට සිය ස්තුතිය පල කිරිමට පැමිණි අවස්තාවේ මධ්‍යයට අදහස් දක්වමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු තොන්ඩමණ් මහතා කියා සිටියේ වතු සමාගම්වලට එරෙහිව වතුකරය පුරා අද දියත් කල වැඩ වර්ජනය සහ උද්ඝෝෂන සම්බන්ධයෙන්  රජය දැනුවත් කල බවයි.

ඒ අනුව රජය පාර්ශවයන් වතු සමාගම් සමග සාකච්ඡා කර වතු කම්කරුවනගේ දෛනික වැටුප රු 1000 දක්වා වැඩි කර දිමට අවශ්‍ය කටයුතු සිදු කල යුතු බවට තෝණඩමණ් අමාත්‍යවරයා කියා සිටියා.

වතු කම්කරුවන්ගේ  උද්ඝෝෂන වලට සමගාමිව  හින්දු කෝවිල්වල කුරුක්කල්වරුන්ද සහයෝගය දැක්විම පිණිස හැටන් නගරයට පෙලපාලියකින් පැමින වතු කම්කරුවන්ගේ රු 1000 දක්වා මුලික වැටුප වැඩි කරන ලෙසට  සිය විරෝධය දක්වනු ලැබුවා.

වතු කම්කරුවන්ට සහයෝගය දැක්විම පිණිස නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රධාන නගර වල වෙළදසැල් උදැසන 10 සිට පස්වරු 1 දක්වා පැය තුනක කාලයක්  වසා දමා සිය සහයෝගය දක්වනු ලැබුවා.

– හැටන් රංජිත් රාජපක්ෂ

96 views

2 Comments to “වතුකරය පුරා වැඩ වර්ජනයක් දියත් කලා..- ඇමති තොන්ඩමණ්”

  1. ගුන්ඩූ තොන්ඩා හිහින් ඉල්ලපන් රනිල් මාමාගෙන්ම අපෙන් නොවෙයි අ[පි නොදෙමු කවුද කිVVඒ දෙන්වකියල රනිල් මාඅමා ඉල්ල්ප්සන් ර්නල් මමගෙන් කොඤ්ඤ සූට්ටල මුඩියාද​>>?????

  2. Puransisku says:

    Me Thonda Sri Lankaawata wirudda desha drohiyeki. Melesa rajaya apahasuwata path kireemata katayuthu karana mohu wahaama rajayen panna demiya yuthuya. Mohu demala thrasthawaadiyek bawa pehediliya. Abge indan kanakana wasalayeki. Moo wahaa atha adanguwata ganiw !

Main News