වතුකරය යලි ඇවිලී යයි.. වතු කම්කරුවෝ යලි විධි බැස විරෝධතා..

February 3, 2019 at 5:30 pm | lanka C news
වතුකරය යලි ඇවිලී යයි.. වතු කම්කරුවෝ යලි විධි බැස විරෝධතා..

තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස හෝ  තමන්ට වැඩි කල රු 700 මුලික වැටුපට රු140 ප්‍රසාද දිමනාව හෝ එකතු කරන ලෙස බල කරමින් හැටන් කොටගල ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අද (03) විරෝධතාවයක් පැවැත්වීය.

හැටන් කොටගල ප්‍රදේශයේ වතු කිහිපයකම වතු කම්කරුවන් හැටන් කොටගල ප්‍රාදේශිය සභා කාර්යයාලය අසල හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ එක් මං තිරුවක් අවහිර කරමින් විරොධතාවයක නියැලුණහ.

විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ වතුකරයේ නියෝජනය කර දේශපාඥයින් තමන්ට රු 1000 ක මුලික වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වි රු 700 ක මුලික වැටුපක් පමණක් ලබා දි එයට අදාල අවබෝධතා ගිවිසුම වතු හාම්පුතුන්ගේ සංගමය සමග අත්සන් කර ඇති බවයි.

රු 700 මුලික වැටුපට තමන් මෙතෙක් ලබා ගත් රු 140 ප්‍රසාද දිමනාව අහිමි කර ඇති බවද විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියහ.

අහිමි වු රු 140 ප්‍රසාද දිමනාව යලි ලබා ගැනිම සදහා වතු හාම්පුතුන්ගේ සංගමය සමග  පැවැත්විමට නියිමිත සාකච්ඡාවේදි එම රු 140 ප්‍රසාද දිමනාව ලබාදිමට රජය කටයුතු කල යුතු බව විරෝධතාවයේ නියැලි සිටි වතු  කම්කරුවන් කියා සිටිති.

මේ අතර හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේද හින්දු පුජකවරයෙක් ඇතුළු වතු කම්කරුවන් පිරිසක් තමන්ට රු 1000 ක මුලික වැටුප තමන්ට අහිමි වු රු 140 ප්‍රසාද දිමනාව ලබාදෙන ලෙස බලකරමින් සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

52 views