වතුකර ඇමතිවරයෙක් කුමන්ත‍්‍රණයක..

February 7, 2020 at 3:00 pm | lanka C news
වතුකර ඇමතිවරයෙක් කුමන්ත‍්‍රණයක..

වත්මන් රජය මගින් වතු කම්කරුවන්ට මාර්තු 1 දිනසිට ලබාදෙන බවට පොරොන්දු වු දිනක රු දහසක වැටුප ලබාදෙන ආකාරය පිලිබදව රජය වතු කම්කරුවන්ට පැහැදිලි කිරිමක් වතු කම්කරුවන්ට සිදු කල යුතු බව කදුකර සහෝදරත්ව ව්‍යාපාරය හැටන් නගර සභා ශාලාවේදි මාධ්‍යය හමුවක් පවත්වමින් කියා සිටිහ.

කදුකර සහෝදරත්ව ව්‍යාපාරයේ සමාජික සහ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ් මහතා සහ කදුකර සහෝදරත්ව ව්‍යාපාරයේ කැදවුම්කරු එම්.කාලිදාස් යන මහතුන් විසින් මෙම මාධ්‍යය හමුව කැදවා තිබුණි.

මෙම මාධ්‍යය හමුවේදි අදහස් දැක් වු කිට්නන් සෙල්වරාජ් මහතා කියා සිටියේ ඉකුත් රජය සමයේද වතු කම්කරුවන්ට රු 50 දෛනික වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වි වතු කම්කරුවන්ව මුලා කලබවයි.

වත්මන් රජය මගින් දිනකට වතු කම්කරුවෙකුට රු දහසක් ලබාදිම සම්බන්ධයෙන් වතු සමාගම් සමග පැවැත් වු සාකච්ඡාවල ප්‍රගතිය වතු කම්කරුවන්ට පැහැදිලි කරන ලෙසත් , වතු සමාගම් රු දහසක වැටුපක් වතු කම්කරුවන්ට ලබා දිමට නොහැකි බව රජයට පවසා සිටියදි වතුකරය නියෝජනය කරන වතුකරයේ අමාත්‍යයවරයෙක් තවදුරටත් වතු කම්කරුවන්ව මුලා කරමින් ඉදිරියේදි පැවැත්විමට නියමිත  මහ මැතිවරණයේදි වතු කම්කරුවන්ගේ ජන්දය මුලා කර ලබා ගැනිමට කටයුතු කරමින් සිටින බවයි කිට්නන් සෙල්වරාජ් මහතා කියා සිටින්නේ.

මාර්තු 3 දින වත්මන් ආණ්ඩුව විසුරුවා හැරිමෙන් පසු වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් එවකට පවතින කැබිනට් මණ්ඩලයට ගත නොහැකි බවත්, මැතිවරණයෙන් පසුව පිහිටුවා ගන්නා ශක්තිමත් රජයක් තුලින් වතු කම්කරුවන්ට රු දහසක් ලබාදෙන බවට පවසා එලඹෙන මහ මැතිවරණයේදි වතු කම්කරුවන්ගේ ජන්දය ලබා ගැනිමේ කුමන්ත්‍රණයක් මේ වන විට වතුකරයේ ඇමතිවරයෙක් දියත් කරමින් සිටින බවයි කිට්නන් සෙල්වරාජ් මහතා මෙම මාධ්‍යය හමුවේදි කියා සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ

24,758 Viewers

One Comment to “වතුකර ඇමතිවරයෙක් කුමන්ත‍්‍රණයක..”

  1. nuwaraone says:

    ඉතින් යකෝ මූ කියන කතාව ඇත්තනෙ..දෙන දෙයක් දීපියව් චන්දෙට කලින්…..මල්ලි ජනාධිපති අය්යා අගමැති ….ඉතින් ඕනි තරම් බලය තියෙන්නේ ….කොහොමත් මහ මැතිවරණයේ ජය ගෝටා ජනාධිපතිතුමා උඩින්ම දිනනවා..

Main News