වතුකර වෘත්තිය සමිති පිල් බෙදේ.. වතු කම්කරුවන්ගේ මුලික වැටුප වැඩි කිරිමේ සාකච්ඡා අසාර්ථකයි..

December 28, 2018 at 8:02 am | lanka C news
වතුකර වෘත්තිය සමිති පිල් බෙදේ.. වතු කම්කරුවන්ගේ මුලික වැටුප වැඩි කිරිමේ සාකච්ඡා අසාර්ථකයි..

වතුකරයේ වෘත්තිය සිමිති නායකයින් දේශපාලන වාසි තකා බෙදි සිටිමෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් පැවැත්වෙන   සාකච්ඡාවල ප්‍රගතියක් ලබා ගැනිමට නොහැකි වි ඇති බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති එස්.අරුල්සාමි මහතා පැවසිය.‍

එස්.අරුල්සාමි මහතා ඒ බැව් කියා සිටියේ වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර පවතින සාකච්ඡාවල ප්‍රගතිය  සම්බන්ධයෙන් මාධ්‍යය දැනුවත් කිරිම සදහා  හැටන් ලංකා කම්කරු කොන්ග්‍රස් කාර්යයාලයේ පැවති  මාධ්‍යය හමුවේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු එස්.අරුල්සාමි මහතා කියා සිටියේ වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි විය යුතු බවට යොජනාවක් වතු එකාබද්ධ  වෘත්තිය සමිති විසින් වතු හාම්පුතුන්ගේ සංගමය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි.

එම යෝජනාවට වතුකරයේ නියෝජනය කරන ඇතැම් දේශාපාලන පක්ෂ නායකයින් විවිධ අදහස් ප්‍රකාශ කිරිම නිසා වතු හාම්පුතුන්ගේ සංගමය එම ප්‍රකාශ  වාසියට ගෙන තමන් ඉදිරිපත් කල වැටුප් වැඩි කිරිමේ යෝජනාවට එකගතාවය පල කිරිම ප්‍රමාද කරමින් සිටින බවයි.

වතුකරයේ වෘත්තිය සමිති නායකයින් එකට එක් වි කටයුතු කිරිමෙන් වතු කම්කරුවන්ට තමන් යෝජනාකල මුලික වැටුපට වඩා වැඩි වැටුපක් ලබාගැනිමට හැකියාවක් ඇති බවද එස්.අරුල්සාමි මහතා කියා සිටියි.

උත්සව සමය නිමිත්තෙන් වතු සමාගම්වල විධායක නිලධාරින් පිරිසක් මේ දිනවල විදේශගත වි ඇති නිසා ඔහුන් දිවයිනට පැමිණි පසු යලිත් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් සාකච්ඡාවක්  පවත්වා එකගතාවයක් ඇති කරගෙන  දෙපාර්ශවය අතර වසර දෙකකට බල පැවැත්වෙන සේ  අවබෝධතා ගිවිසුමක් අත්සන්කිරිමට බලාපොරොත්තු වන බවද  එස්.අරුල්සාමි මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

58 views

One Comment to “වතුකර වෘත්තිය සමිති පිල් බෙදේ.. වතු කම්කරුවන්ගේ මුලික වැටුප වැඩි කිරිමේ සාකච්ඡා අසාර්ථකයි..”

  1. ගරසරප says:

    වතු කම්කරුවන් යන්ත්‍ර මගින් ප්‍රතිස්ථාපනය කරන්න බැරිද ? වී වගාව මේක හොදින් කලා.

Main News