වතුර බාල්දියකට වැටී අවුරුදු එකහමාරක දැරියක් මරුට….
July 6, 2022 at 6:20 pm | lanka C news
යාපනය පොන්නාලෙයි බටහිර ප්‍රදේශයේ පදිංචි පවුලක අවුරුදු එකහමාරක් වයසැති කුඩා දැරියක් ගෙමිදුලේ තිබූ වතුර බාල්දියකට වැටීමෙන් මියගොස් ඇතැයි වඩුකොඩ්ඩෙයි පොලීසිය පවසයි.
අදාල දැරිය සිය මව සමග නිවසේ සිට ඇති අතර මව නිවසේ මුලුතැන්ගෙයි ආහාර පිසමින් සිටින අවස්ථාවේදී දැරිය ගෙමිදුලෙ සෙල්ලම් කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී දැරිය මිදුලේ වතුර පුරවා තිබූ ප්ලාස්ටික වතුර බාල්දියක් සමීපයට ගොස් එහි වතුර සමග සෙල්ලම් කරමින් සිටයදී වතුර බාල්දියට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසීය.
කෙසේ වෙතත් මව ආහාර පිස මිදුලටවිත් දැරිය සොයා බැලීමේදී දැරිය වතුර බාල්දියට වැටී ඇති බව දුටු මව වහාම දැරිය ගෙන උදව් ඉල්ලා කැගැසීමෙන් පසුව අසල්වාසීන්ද එක්ව දැරිය මූලායි රෝහලට රැගෙන ගියද ඒ වන විටත් දැරිය මිය ගොස් සිට ඇති බවට රෝහල් වෛද්‍යවරුන් පවසා ඇත.
දැරියගේ මළසිරුර මේ වන විට මූලායි රෝහලේ තැන්පත් කොට පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් යොමු කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන වඩුක්කොඩ්ඩෙයි පොලීසිය වැඩිදුරටත් පවසයි.
දෙමාපියන්ගේ නොසැලිකිලිමත් බාවය හේතුවෙන් කුඩා දරුවන්ගේ ජීවිත මෙලෙස අහිමි වන බවටත් පසුගිය 03 වනදාද කන්කසන්තුරෙයි කොල්ලන්කලන්ඩි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 10 ක් වයසැති පිරිම් දරුවෙකු උගුරේ රඹුටන් ඇටයක් සිරවී හුස්ම ගැනීමට නොහැකි වීමෙන් මිය ගොස් ඇති බවටද පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
දෙමාපියන්ගේ නොසැලිකිලිමත් kama uthuru palathe ithama ihalai….paw podi un…..
ගෝඨා වගකියන්න ඕන. ගෝටා ගෝ හෝම්.
මොක්සුව ලැබේවා.