වතුර සොයා ආ වන අලියා බඳින තුවක්කුවට ගොදුරු වී දණින් වැටී මිය යයි..
August 18, 2019 at 5:30 pm | lanka C news
වව්නියාව, නෙඩුන්කේනි, කෝරමෝටෙයි වැව් තාවුල්ලේදී දඩයක්කරුවෙකු විසින් බඳින තුවක්කුවක්කුවක් පත්තුවීමෙන් මියගිය වන අලියෙකුගේ මළ සිරුරක් හමු වූ බවට වවුනියාව වනජීවි නිලධාරීන් පවසති.
පසුගිය දින කිහිපයේදී පැවති නියඟය හමුවේ ජලය සොයා වැවට පැමිණෙන වන සතුන් ඉලක්ක කරමින් කිසියම් පුද්ගලයෙකු විසින් දඩයම් කිරීමට අටවා තිබු බඳින තුවක්කුවක් ජලය පානයට පැමිණි වන අලියාට පත්තුවීමෙන් එලෙස වන අලියා ජිවිතක්ෂයට පත්ව ඇත.
අලියා මිය ගිය ස්ථානයේම ඉදිරිපිට අදාල බඳින තුවක්කුව අටවා තිබෙන අතර බඳින තුවක්කුව පත්තුවූ සැනින් එම ස්ථානයේදීම වන අලියා මිය ගොස් ඇත්තේ දණ නමාය.
වනඅලියා මෙසේ බඳින තුවක්කුවට ගොදුරු වී ඇත්තේ මීට දින කිහිපයකට කලින් වන අතර, මළ සිරුර ප්රදේශවාසීන් දැක අනතුරුව පොලීසිය වෙත දැනුවත් කොට තිබිණ.
පොලීසිය විසින් වව්නියාව වනජිවි නිලධාරීන්ට දැනුවත් කිරීමෙන් අනතුරුව අදාල ස්ථානයට ගිය වනජීවි නිලධාරීන් විසින් මියගිය අලියාගේ මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ පැවැත්වීමට පියවර ගෙන ඇති අතර අදාල බඳින තුවක්කුව ඇටවූ පුද්ගලයා සොයා පරික්ෂණයක්ද අරඹා ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ