වතුර සොයා ගොසින් ළිඳට වැටුනු අලි පැටවා ගොඩට ගනියි….

August 24, 2020 at 2:19 am | lanka C news
වතුර සොයා ගොසින් ළිඳට වැටුනු අලි පැටවා ගොඩට ගනියි….

මුලතිව් ඔඩ්ඩුසුඩාන් පණික්කංකුලම් ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි අලි පැටවෙකු ආරක්ෂාකාරිව ගොඩට ගත් බවට මුලතිව් වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.

පණික්කංකුලම් ප්‍රදේශයේ පිහිටි වගා ළිඳකට (23) අලිපැටවෙකු වැටී ඇති බවට ප්‍රදේශවාසියෙකු විසින් දැක ඒ බව මුලතිව් වනජීවි නිලධාරී කාර්යාලයට දැනුම් දීමෙන් පසුව එහි නිලධාරීන් අදාල ස්ථානයට ගොස් අලි පැටවා ගොඩට ගැනීමට පියවර ගනු ලැබීය.

පවතින වියලි කාලගුණය හේතුවෙන් ජලය සොයා පැමිණීමේදී මෙම අලි පැටවා වගා ළිඳට වැටී ඇති බවටත් අලිපැටවාට අවුරුදු 10 ක් පමණ වයසැති බවටත් මුලතිව් වනජීවි නිලධාරීන් කියා සිටියේය.

එමෙන් ම ළිඳ තුලින් ගෙඩගත් අලිපැටවාට මව සොයා දීමට උත්සහ කරන බවටත් එසේ නොහැකි වුවහොත් ඇත්අතුරු සෙවනට රැගෙන යාමට පියවර ගනාන බවටද මුලතිව් වනජීවි නිලධාරීන් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,876 views
Main News