වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමේ ගැසට් පත්‍රය අත්හිටුවයි..

February 2, 2019 at 8:40 am | lanka C news
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමේ ගැසට් පත්‍රය අත්හිටුවයි..

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බව දමිළ ප්‍රගතිශීලී සන්ධානය පවසයි.

එම සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේසන්, නියෝජ්‍ය නායකවරුන් වන අමාත්‍ය පලනි තිගාම්බරම්, අමාත්‍ය වී. රාධ ක්‍රිෂ්ණන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද කුමාර් සහ එම් තිලකරාජ් මහතා ඊයේ පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව කොල්ලුපිටිය පිහිටි පලනි තිගාම්බරම් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් කැදවමින් මේ බව කියා සිටියහ.

අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකල කම්කරු අමාත්‍ය රවින්ද්‍ර සමරවීර එක්ව සිටියහ.

– අරුණ රත්නායක

3,147 Viewers
Main News