වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරිමේ සාකච්ඡා සාර්ථකයි..

December 18, 2018 at 8:02 am | lanka C news
වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරිමේ සාකච්ඡා සාර්ථකයි..

වතු කම්කරුවනගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සමග පැවත් වු  සාකච්ඡාවල යම් ප්‍රගතියක් ඇති බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජේෂ්ඨ උප සභාපති මරදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් මරදපාණ්ඩි රමේෂ්වරන් මහතා කියා සිටියේ වතු හාම්පුතුන්ගේ සංගමයේ අධ්‍යක්ෂක ජෙනරාල් කණිෂ්ක විරසිංහ මහතා සමග රාජගිරියේ පිහිටි වතු හාම්පුතුන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යයාලයේදි අද  එම සාකච්ඡාව පැවැත් වු  බවයි.

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කිරිම සම්බන්ධයෙන් වතු එකාබද්ධ වෘත්තිය සමිතිය ඉදිරිපත් කල යෝජනාවට මේ වන විට වතු හාම්පුතුන්ගේ සංගමය දැක් වු ප්‍රතිචාර වලට වඩා අද පැවැත් වු සාකච්ඡාවේදි තම සංගමය ඉදිරිපත් කල යෝජනාවට ආසන්න මුදලකට එකගතාවය පල කල බවයි රමේෂ්වරන් මහතා කියා සිටියේ.

පැවැත් වු සාකච්ඡාවල ප්‍රගතිය අනුව වතු එකාබද්ධ වෘත්තිය මගින් තවත් අලුත් යෝජනාවක්  ඉදිරිපත් කල බවත්, එම යෝජනාව වතු සමාගම් සමග සාකච්ඡා කර තම සංගමය වෙත දැනුම් දිමට කටයුතු කරන බව වතු හාම්පුතුන්ගේ සංගමයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දැනුම් දුන් බවද රමේෂ්වරන් මහතා කියා සිටියි.

ඉදිරි දින කිහිපය තුල වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර වසර දෙකකට බල පැවැත්වෙන පරිදි  අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරිමට හැකියාව ඇති බවද මරදපාණ්ඩි රමේෂ්වරන් මහාතා කියා සිටියා

– රංජිත් රාජපක්ෂ

16 views
Main News