වතු කම්කරුවන්ට උත්සව අත්තිකාරමක් ලබා දෙනවාට විරුද්ධ නෑ… නමුත් නීති විරෝධී නම් අපි නෑ..
October 20, 2019 at 8:02 am | lanka C news
රජය මගින් වතු කම්කරුවන්ට රු පන්දහසක දිපාවලි උත්සව අත්තිකාරමක් ලබාදෙනවාට කිසිදු විරුද්ධත්වයක් නොමැති බව ලංකා කම්කරු කොන්ග්රසය හැටන් නගරයේදි මාධ්‍යය හමුවක් පවත්වමින් පැවසිය.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති එස්.සත්තිවේල් මහතා මාධ්‍යය හමුව පවත්වමින් කියා සිටියේ නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන වතුකරයේ දේශපාලඥයින් පිරිසක් මාධ්‍යය හමුවක් පවත්වමින් එම අත්තිකාරම් මුදල වතු කම්කරුවන්ට ලබා දිමට ලංකා කම්කරු කොන්ග්රසය විරුද්ධ වන බවට ප්‍රකාශක් කර ඇති බවයි.
දිපාවලි උත්සවය සැමරිමට වතු කම්කරුවන්ට මිට වඩා වැඩි මුදලක් ලබා දෙන්නේ නම් එ සදහා ලංකා කම්කරු කොන්ගස්‍රයේ පුර්ණ සහයෝගය ලබා දෙන බවත්, ජනාධිපති මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදි රජය මගින් කැබිනට් අනුමැතියක් ලබාගෙන රු පන්දහසක අත්තිකාරම් මුදලක් වතු කම්කරුවන්ට ලබා දිම මැතිවරණ නිති උල්ලංඝනය කිරිමක් නම් එයට ලංකා කම්කරු කොන්ග්රසය වග නොකියන බවද එස්.සත්තිවේල් මහතා මාධ්‍යය හමුවේදි කියා සිටියා.
2015 ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂ මහතාව දිනවිමට නුවරඑලියෙන් තම පක්ෂයට නොහැකි වුවත් 2019 වසරේ ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදෙන බව එස්.සත්තිවේල් මහතා වැඩි දුරටත් කියා සිටියේ.
මෙම මාධ්‍යය හමුවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපතිවරුන් වන කනපති කනගරාජ් සහ එස්.පිලිප්කුමාර් මහතාද සහභාගි විය.
– හැටන් රංජිත් රාජපක්ෂ
Ona kenekuta terenawa neda me karanneth dushitha deyak neda kiyala.sil redi dunneth minissunta neda.me dushityan saji laga indawagena ape laga dushitayan naha kiyanawa.