වතු කම්කරුවන්ට ඖෂධ බෙදා හැරි අපෙක්ෂකයෙක් PHI භාරයට ගැනේ…

July 18, 2020 at 8:02 am | lanka C news
වතු කම්කරුවන්ට ඖෂධ බෙදා හැරි අපෙක්ෂකයෙක් PHI භාරයට ගැනේ…

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා කම්කරු පක්ෂයෙන් 2020 මහ මැතිවරණය සදහා තරග වදින අපෙක්ෂකයෙකු බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ඔහුන් භාරයට ගෙන දැඩි ලෙස අවවාද කිරිමෙන් පසු මුදා හැර ඇත.

එම අපෙක්ෂකයා බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වත්තේ මොරා කොටසේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට ගොස් වතු කම්කරුවන්ගේ රුධිර පිඩනය පරික්ෂා කර ඖෂධ ලබා දි ඇති අතර , ඇතැම් වතු කම්කරුවන්ට ඔවුන්ගේ රෝග ලක්ෂණ අනුව තවත් ඖෂධ වර්ග කිහිපයක් බෙදා හැර ඇති බවයි එම වතු යායේ වතු කම්කරුවන් කියා සිටියේ.

මෙසේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් භාරයට ගනු ලැබුවේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණය සදහ ශ්‍රි ලංකා කම්කරු පක්ෂයෙන් තරග වදින කේ.ආර්.ක්‍රිෂාන් නැමති අපෙක්ෂකයයි.

තමන් වෛද්‍යවරයෙකු බව පවසමින් වතු කම්කරුවන්ගේ රෝග ලක්ෂණ පරික්ෂා කර ඖෂධ ලබා දි සම්බන්ධයෙන් බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයට ලද තොරතුරක් මත මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් එම අපෙක්ෂකයා ඔහුන් භාරයට ගෙන ඇත.

බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාගලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ එම අපෙක්ෂකයා වෛද්‍යවරයෙකු වශයෙන් සනාථ කිරිමට කිසිදු හැදුනුම්පතක් හෝ ලිය කියවිල්ලක් නොතිබුණු බවත් , වතු කම්කරුවන්ගේ රෝග ලක්ෂණ පරික්ෂා කර ඔහුන්ට ඖෂධ ලබා දිම සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් හෝ බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයෙන් කිසිදු අනුමැතියක් එ සදහා ලබාගෙන නොමැති බවයි.

එම අපෙක්ෂකයාගේ වාහනයේ තිබි රුධිර පිඩනය පරික්ෂා කරන යන්ත්‍රයක්  සහ ඖෂධ වර්ග කිහිපයක්ද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් භාරයට ගෙන එම අපෙක්ෂකයාට දැඩි ලෙස අවවාද කර බැදුම්කරයක් මත එම අපෙක්ෂකයාව මුදා හැරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් කටයුතු කර ඇත.

එම අපෙක්ෂකයාද අප සමග කියා සිටියේ තමන් සිදු කලේ වරදක් බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

48 views

2 Comments to “වතු කම්කරුවන්ට ඖෂධ බෙදා හැරි අපෙක්ෂකයෙක් PHI භාරයට ගැනේ…”

  1. sinhale le says:

    ඉන්දියාවේ සෙල්ලම් අපේ රටේ දාන්න උබලට ඉඩදෙන්නේ නැහැ මේ අයගේ පුරවැසිබාවය අහෝසිකරන්න.

  2. John says:

    මොහුව වහාම රටින් පිටුවහල් කරන්න ..මොහුට දේශපාලනය තහනම් කරන්න

Main News