වතු කම්කරුවන් අපට ගහනවා.. මෙහෙම ගුටිකන්න බෑ..- වතු අධිකාරීවරුන් මාධ්‍ය හමුවක

March 3, 2021 at 6:48 pm | lanka C news
වතු කම්කරුවන් අපට ගහනවා.. මෙහෙම ගුටිකන්න බෑ..- වතු අධිකාරීවරුන් මාධ්‍ය හමුවක

වතු කම්කරුවන් මෑත කාලයක සිට වතු කිහිපයකම වතු පාලන අධිකාරියට පහර දිම , විවිධ බලපැම් සිදු කිරිම පසුපස වතුකරයේ වෘත්තිය සමිති සෘජුවම මැදිහත් වි ඇති බව ශ්‍රි ලංකා වතු අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති දයාල් කුමාරගේ මහතා පැවසිය.

දයාල් කුමාරගේ මහතා ඒ බැව් කියා සිටියේ වතු පාලන අධිකාරියට වතු කම්කරුවන්ගෙන් පසුගිය මාස කිහිපයේ ඇති වු පහර දිම් සහ විවිධ බලපැම් සම්බන්ධයෙන් හැටන් නගරයේ මල්ලිඅප්පුව මංසන්ධියේ පැවති සාමකාමි විරෝධතාවයෙන් අනතුරුව හැටන් දික්ඔය දරවල ඩි.එම්.සි.සි ක්‍රිඩාංගණයේ පිහිටි වතු අධිකාරිවරුන්ගේ සමාජ ශාලාවේ පැවති විශේෂ මාධ්‍යය හමුවකදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු එම සංගමයේ සභාපති දයාල් කුමාරගේ මහතා මෙසේ පැවසිය.

මිට කලිනුත් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වුණා, නිහාල් පෙරේරා කියලා දක්ෂ වතු අධිකාරිවරයෙක් මිය ගිය මිට පෙර.

ඒ කාලයේ සිටි රජය නිතිය අකුරටම ඉටු කරා වැරදිකරුවන් ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දුන්නා.

සැම දිනයකම වගේ වතු පාලන අධිකාරියට එරෙහිව යම් කිසි බලවේගයක් මගින් ඔහුන්ගේ දෛනික කටයුතු ඉටු කර ගැනිම සදහා බලපැම් සිදු කරනවා.

පසුගිය දා වතු අධිකාරිවරයාගේ බංගලාවට ගිහින් වතු අධිකාරිවරයා සහ  සහකාර වතු අධිකාරිවරයාට මිලෙච්ඡ ලෙස පහර දිලා , එවැනි පහර දිම් අපි ඉදිරියට ඉවසන්නේ නැ.

අපි යන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. අන්තර්ජාතිකව යන්න පුළුවන් නම් ඒ දක්වා යනවා.

මෙවැනි ක්‍රියා නැති කිරිමට , නිතිමය පියවර ගැනිමට සහයෝගය පල කිරිමට ලංකාවේ සියළුම වැවිලි කරුවන් අපි සමග සහයෝගයෙන් ඉන්නවා.

ඕනැම ප්‍රශ්නයක් විසදගන්න ක්‍රමයක් තියෙනවා, අපිට ප්‍රශ්නයක් තිබ්බා කියලා සේවකයින්ට පහර දෙන්නේ නැනේ.

ප්‍රශ්නයක් තිබුණා නම් අපි සේවකයින් සමග වෘත්තිය සමිති සමග තලවර්ලා සමග සාකච්ඡා කරනවා.

තේ ලොරියක් පිටත් කරලා යැව්වම ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙක් ඒක හරවලා එවනවානම්  එතන කොච්චරද පාඩුව කියලා අපිට තාම ගණන් හදන්න බැ.

ඒ වගේ දේවල් වලට නිතිය උපරිම අයුරින් සිදු කරන්න ඕනි කියලා අපි බල කර සිටිනවා.

අපි ලැබෙන තොරතුරු අනුව මේ සිදුවිම් පිටුපස අදෘශමාන බලවේගයක් තියෙනවා, ඒක තමයි අපි විමර්ෂනය කරලා හොයන්න කියන්නේ.

සේවකයින්ගේ විනය පිරිහිලා තියෙනවා පසුගිය කාලයේ, ඒකට හේතුව සෙවිය යුතුයි, දේශපාලන හස්තයක් තිබෙනවාද කියලා.

වතු අධිකාරිවරුන් සමග හෝ සහකාර වතු අධිකාරිවරුන් සමග වතු ඉඩම් පිලිබදව සාකච්ඡා කරලා වැඩක් නැ.

වැවිලි සමාගම් සහ පාලන අධිකාරිය සමග තමයි සාකච්ඡා කරන්න ඕනි.

වතු කම්කරුවන්ගේ වැටුප පිලිබදව වතු හාම්පුතුන් සහ වෘත්තිය සමිති සාකච්ඡා කරගෙන යනවා.

අපි කිසිදු අවස්තාවක ආයුධ ඉල්ලුවේ නැ , අපි ඉල්ලුවේ ආරක්ෂාව.

වතු සමාගම් අවුරුදු 150 ක් විතර පැවැත්වෙනවා, තුවක්කුවක් ලබා ගැනිමට බලපත්‍රයක් තියෙනවා සමහර වතු වලට.

ඒවා පිලිබදව නිසි පුහුණුවක් දිලා ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩපිලිවෙලක් යොදනවාම් ඒක වෙනම වැඩ පිලිවෙලක්.

අපි අවි ආයුධ ඉල්ලුවේ නැ යුද්දෙකට යන්න නෙවෙයිනේ. අපි ආරක්ෂාව ඉල්ලුවා.

මේ වෙන දේවල් වල හැටියට ඊට වඩා දෙයක් වෙන්න පුළුවන් .

රජයේ නිසි වැඩපිලිවෙලක් සහ ආරක්ෂාවක් තිබුණානම් මේවා සිදු වෙන්නේ නැ.

වතු අධිකාරිවරුන් සහ සහකාර වතු අධිකාරිවරුන් වැඩ වර්ජනය කලොත් අනෙක් අය වගේ රටට එන අදායම ලැබෙන්නේ නැ.

කොවිඩ් කාලයේ රටට අදායම ලබා දුන්න එකම කර්මාන්තය තමයි මේක. වතු නතර කරන්නේ නැතුව වැඩ කිරිම.

කොවිඩ් මර්ධන එන්නත මුලින්ම දෙන්න ඕනි වතු අධිකාරිවරුන්ට සහ සහකාර වතු අධිකාරිවරුන්ට මොකද ඔහුන් තමයි මහජනතාව සමග ගැටෙන්නේ

අපි ඒ සම්බන්ධයෙන් රජයට ඉල්ලිමක් කරා ඒකට නිසි පිලිතුරක් ලැබුණේ නැ.

වතු වල ප්‍රශ්න ඇති වුණොත් තේ ආර්ථිකය කඩා වැටෙනවා, වතු සේවකයින්ට විශාල ගැටළුවක් ඇති වෙනවා වතු පවත්වාගෙන යන්න බැරි වෙනවා.

වතු සේවකයින්ට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන් නැත්තම් ලිඛිතව ඉදිරිපත් කරන්න පුළුවන්, වෘත්තිය සමිති වලට යුතුකමක් තියෙනවා ඒ පිලිබදව පැහැදිලි කරන්න.

වතු අධිකාරිවරුන් සහ සහකාර වතු අධිකාරිවරුන් අනෙකුත් සේවකයින් වගේ වැටුපට සේවයක් කරන්නේ. ඒ නිසා ගැටුමක් ඇතිකරන්න අවශ්‍යය නැ .

වතු අධිකාරිවරුන් සහ සහකාර වතු අධිකාරිවරුන් සුහදව බැදි ඉන්නවා සේවකයින් සමග සාකච්ඡා කරන්න.

කම්කරු අමාත්‍යංශයේ සාකච්ඡාවක ගිහින් එක සමථයට පත් වෙලා තියෙන අවස්තාවක තමයි මේ ඕල්ටන් වත්තේ සිද්ධිය වුණේ.

අපි දැඩි ලෙස විශ්වාස කරනවා මේ සිද්ධි පිටුපස යම් කිසි බලවේගයක් තියෙනවා. වෘත්තිය සමිති විසින් වතු කම්කරුවන් පොළඹ වනවා. යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

22,213 views
Main News