වතු කම්කරුවන් දෙදෙනෙකුට දිවි ප්‍රහාර.. බරපතල වී රෝහලේ…

April 27, 2019 at 2:22 am | lanka C news
වතු කම්කරුවන් දෙදෙනෙකුට දිවි ප්‍රහාර.. බරපතල වී රෝහලේ…

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් දෙදෙනෙකුට දිවියෙකු පහර දිම හේතුවෙන් එම වතු කම්කරුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නිසා එම තුවාලකරුවන් දෙදෙනා දික්ඔය මුලික රෝහල හරහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවු බව බගවන්තලාව පොලිසිය පැවසිය.

26 උදැසන 10.30 ට පමණ වතු කම්කරුවන් පිරිසක් තේ වතුයායේ වැඩ කරමින් සිටියදි තේ පදුරු මත සැගව සිටි දිවියා මුලින්ම වතු කම්කරුවෙකුට පහර දෙන අවස්තාවේ ඔහු බේරා ගැනිමට ගිය තවත් වතු කම්කරුවෙකුට දිවියා පහර දි සප කා ඇති බව බගවන්තලාව පොලිසිය පැවසුවේය.

පහර දුන් දිවියා තේ වතුයායේම රැදි සිටිම හේතුවෙන් නොසන්සුන්කාරි ලෙස හැසිරුණු වතු කම්කරුවන් දිවියාට පලා නොයෙන සේ තේ වතුයායේම වට කරමින් රැදි සිටිම හේතුවෙන් දිවියා නිර්වින්දනය කර අල්ලා ගැනිමට හෝ රක්ෂිතයට පලවා හැරිමට නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් සහ බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ වතු කම්කරුවන් මෙහෙයුමක් දියත් කර ඇත.

තේ වතු යායේ සැරිසරන දිවියන් වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයන් දඩයම් කිරිම සදහා පැමිණෙන අවස්තාවේ වතු කම්කරුවන්ගේ නොසන්සුන්කාරි තත්ත්වය නිසා දිවියන් වතු කම්කරුවන්ට පහර දෙන බව වනජිවි නිලධාරින් කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

4,552 Viewers
Main News