වතු කම්කරුවන් පාර වසා විරෝධතා…

March 3, 2019 at 5:30 pm | lanka C news
වතු කම්කරුවන් පාර වසා විරෝධතා…

වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් රු 1000 ව්‍යාපාරය මගින් බගවන්තලාව නගරයේදි අද (03) උද්ඝෝෂනයක් සිදු කලහ.

කළු කොඩි සහ පොස්ටර් අතතිව හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ  බගවන්තලාව හොලිරොසරි දමිල පාසල අසල සිට බගවන්තලාව නගරය දක්වා  පෙලපාලයකින් පැමිණ බගවන්තලාව නගර මධ්‍යයේද උද්ඝෝෂනයක නිරත විය.

උද්ඝෝෂනයේ නියැලි සිටි 1000 ව්‍යාපාරයේ සමාජිකයන්  සහ  තවත් සිවිල් සංවිධාන කිහිපයක සමාජිකයන් රජයට අවධාරණය කර සිටියේ රු 1000 මුලික වැටුපක් ලබා දිමට වතු සමාගම්වලට හැකියාව තිබියදි වතුකරයේ වෘත්තිය සමිති කිහිපයක් වතු සාමගම් සමග එක් වි  වතු කම්කරුවන්ට රු 700 මුලික වැටුපත් සහ තවත් රු 50 අමතර දිමනාවත් ලබා දිමට වසර දෙකකට බල පැවැතත්වෙන සේ අදාල අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇති බවයි.

රජයේ පාර්ශවය නියෝජනය කරන වතුකරයේ දේශපාඥයින් කිහිප දෙනෙකු එක් වි මෙවර අයවැයෙන් රු 50 තවත් දිමනාවක් වතු කම්කරුවන්ට ලබාදිමට කටයුතු කරන බව පවසා ඇති බවත් එම දේශපාලඥයින්ද  වතු කම්කරුවන්ව රවටා ඇති බව උද්ඝෝෂනයේ නියැලි සිටි 1000 ව්‍යාපාරයේ සමාජිකයන් කියා සිටියහ.

වතු කම්කරුවන්ට රු 1000 මුලික වැටුප ලබාදෙන තෙක් තම සංවිධානය දිවයින පුරා මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාර සිදු කරන බවද 1000 ව්‍යාපාර සමජිකයන්  කීහ.

114 views

One Comment to “වතු කම්කරුවන් පාර වසා විරෝධතා…”

  1. Gayantha says:

    දේශිය වියාපර සහ වතු විනාශ්කිරිමේ සූක්ශ්ම වැඩ පිලිවෙලක් ඉන්දියානු මැදිහත්වීමක් සමග සිදුවන බව පෙනේ. පඩි මදි නම් කල යුතු වන්නේ වෙන රැකියාවකට යෑම මිසක් දේශිය වියාපාර අස්තාවර කිරීම නොවේ.

Main News