වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්…

May 24, 2020 at 2:03 am | lanka C news
වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්…

තේ දළු නෙලමික් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් දසදෙනෙක් ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

ලිදුල පොලිස් වසමට අයත් මට්ටකැලේ තේ වත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසක පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වි ඇත.

තේ වත්තේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදය කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවන් කියා සිටියේ.

බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් ලිදුල පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

25 views

One Comment to “වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්…”

  1. Love nature says:

    ස්වභාව දර්මය විනාශ කරමින් වතු දෙමල ජනතාව කරන විනාශයට ලැබෙන දඩුවම් ….හදුන් දිවියන්.හාවන් .ඉත්තාවන් වැනි අහිංසක සතුන් මරාගෙන කමින් රක්ෂිත ගිනිතියමින් මොවුන් කරන පරිසර හානියට රජයෙන් දඩුවම් නොදෙන නිසා බඹරුන් උකුස්සන් ඇවිස්සි පහර දෙයි
    ස්වභාව දර්මයට ගරු කිරීමට මොවුන්ට ඉගැන්විය යුතුයි

Main News