වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි වු තවත් නව නිවාස 105 ක් වතු කම්කරු අයිතියට පත් කෙරේ..

January 11, 2019 at 2:02 am | lanka C news
වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි වු තවත් නව නිවාස 105 ක් වතු කම්කරු අයිතියට පත් කෙරේ..

වත්මන් රජය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි වු නව නිවාස 105 ක් වතු කම්කරුවන් අයිතියට පත් කිරිම කදුරට නව ගම්මාන  වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා අතින් සිදු කෙරිණ.

දිඹුල පොලිස් වසමට අයත් මවුන්වනන් වතුයායේ ඉදි වු නිවාස 50 ක් සහ එම පොලිස් වසමටම අයත් බෝගහවත්ත ප්‍රදේශයේ ඉදි වු නිවාස 55 කුයි මෙසේ වතු කම්කරු අයිතියට පත් කෙරුණේ.

හරිත ගම්මාන ව්‍යාපෘතිය යටතේ ඉදි කල  මෙම එක් නිවසක් පර්චස් 7 ක ඉඩමක  ඉදිකර ඇති අතර එහි විසිත්ත කාමරයක් , නිදන කාමර දෙකක් ,මුළුතැන් ගෙයක් , සනිපාරක්ෂක පද්ධතියක් ,සැම නිවසකටම විදුලිය ,පානිය ජලය, සහ මං මාවත් ද ඇතුලත් මෙම එක් නිවාසයක් සදහා එම අමාත්‍යංශය මගින් රුපියල් ලක්ෂ 10ක් ප්‍රතිපාදන වැය කර ඇත.මෙම එක් නිවසක් සදහා රජය මගින් හිමිකම් ඔප්පුවක්ද ඉදිරියේදි ලබාදිමට නියමිතයි.

හරිත ගම්මාන ව්‍යාපාතිය යටතේ ඉදිකල මෙම එක් නිවසක වර්ග අඩි 750 කින් සමන්විත මෙම එක් නිවාසයක  සියළුම පහසුකම් වලින් ද සමන්විත වෙයි.

අමාත්‍ය පලනි දිගම්බරම් මහතාගේ උපන් දිනයද අදයට යෙදි තිබුණි.

වත්මන් රජය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි කරමින් පවතින වතු  නිවාස පනස් දහසක් මේ වන විට නුවරඑලිය, බදුල්ල,රත්නපුර , කැගල්ල , මහනුවර , ගාල්ල, කළුතර යන දිස්‍රත්‍රික්ක වල ඉදි කරමින් පවති.

එම නිවාස කඩිනමින් ඉදි කර වතු  කම්කරු අයිතියට වත්මන් රජය යටතේ පත් කරන බවයි මෙම නිවාස වතු කම්කරු අයිතියට පත් කිරිමෙන් අනතුරුව පැවති ජනහමුවේදි අමාත්‍යවරයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,757 Viewers

3 Comments to “වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි වු තවත් නව නිවාස 105 ක් වතු කම්කරු අයිතියට පත් කෙරේ..”

  1. sakalabujan says:

    Aranayaka Samasara Kande gewal naaya giya ayata tawama gewal ne…

    • හින්බබා says:

      කදුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය දිගම්බරම් කදු රටේ දැන් වතු දෙමළ ඊළම සදහා අවශ්‍ය පසුබිම සීග්‍රයෙන් සිදු කරයි ..උඩරට ඉඩම් කල්ලතොනීන්ට නොමිලේ ..සිංහලයා තාමත් නිදිද ?

    • Love nature says:

      කදුරටේ තේ වතු අවට වන රක්ෂිත ගිනිතියන්නේ වතු දෙමල කොලනි සෑදීමට ….ඉන්දියාවේ දෙමල කල්ලතොනින්ට දැන් නොමිලේ ලංකාවේ පුරවැසි භාවය ජාතිකහැදුනුම් පත් නිකුත් කරන බවට රාවයක් ඇත ..ඉන්දියානුවන්ට විසා නැතුව අපේ රටට ඇතුල්වීමට අවසර දී ඇත ..එවිට ජන්දේ දිනන්නේ වතු දෙමල දේශපාලකයන් ඒ ගැන දැන් ජනතාවගේ අවධානය යොමු කරනු
      මේ සුළු ජාතින් විනාශ කරන්නේ ,මංකොල්ලා කන්නේ අපේ සිංහල උරුමයන්ය අන්සතු වී අහිමි වන්නේ සිංහලයන්ගේ අනාගත පරපුරට තමන්ගේ මව් බිමේ ඉඩම් බව තේරුම් ගනිව් හෙලයිනේ

Main News